බැඳුම්කර පනත පරාජය වීමේ දේශපාලනය

 

 

 

 

timthumbmm (2)

 

බිලියන 400 භාණ්ඩාගාර බැඳුම්කර විකිණිම සඳහා ආණ්ඩුව ගෙන ආ යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් විය. යෝජනාවට පක්ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 52 ක් ලැබිණ. විශාල මන්ත්‍රීන් පිරිසක් ඡන්දය විමසන අවස්ථාවේ දී සභාවේ නොසිටි අතර මුදල් ඇමැතිවරයා පවා යෝජනාවට පක්ෂව ඡන්දය දීම සඳහා සභාවේ සිටියේ නැත.මේ සමගම ආණ්ඩුව කරගෙන යාමට සුදුසු තත්වයක් නැති බව කියමින් පාර්ලිමේන්තුව විසිරුවා ලීමේ අවස්ථාව ජනාධිපතිවරයාට උදා වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩ වීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට වැඩි වාසියක් ලබාගත හැකි වෙතැයි යන්න රනිල් වික්‍රමසිංහ ගේ ගණන් බැලීමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතර පිරිසක් තමන් වෙත එක් කර ගත හැකි වෙතැයි යන්න මහින්ද රාජපක්ෂ ගේ ගණන් බැලීමයිඊයේ විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා කීවේ මෙම පනත රජයෙ සේවක වැ‍ටුප් ගෙවීම සඳහා ගෙන එන බවය.

ඊයේ විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා කීවේ මෙම පනත රජයෙ සේවක වැ‍ටුප් ගෙවීම සඳහා ගෙන එන බවය.

 

භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීම පිටුපස  ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ  කූඨ උපක්‍රමයක්  බවත් මෙම පනත පැරැදවීමෙන් රජයේ ඉදිරි ගමනට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්  මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.

මෙය පරාජය වීමෙන් දුප්පත් ජනතාවගේ ආර්ථිකයට බලපෑමක් විය හැකි බවත් ඊට වගකිව යුත්තේ මීට විරුද්ධව ඡන්දය දුන් විපක්ෂයේ  මන්ත්‍රීන් බවත්  පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සහන සැලැසීමේ වැඩපිළිවෙල නතර නොකරන බවයි.

 

 

 

 

 

 

 රජය වහාම ඉල්ලා අස්විය යුතුයි

මුදල් රෙගුලාසියක් පරාජය විම නිසා රජය වහාම ඉල්ලා අස්විය යුතුයැයි මහජන එක්සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අද ප්‍රකාශ කළේය.

එසේ ඉල්ලා අස් නොවන්නේ නම් හෙට (08) රජය යළිත් ඡන්දයකට ගොස් එම පනත ජයගෙන පෙන්විය යුතුයැයි ඔහු කියා සිටියේය.

අගමැති , මුදල් ඇමැති , විපක්ෂ නායක ,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඇමැතිකම් ගත් මන්ත්‍රීවරුද ඡන්දය විමසන අවස්ථාවේ නොසිටි බවත් ඔහු කීවේය.

මෙම  රෙගුලාසියට විරුද්ධව ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයා ඡන්දය දුන්නේය.දෙමළ සන්ධානය ද බොහෝ මැති ඇමැතිවරු ද ඡන්දය විමසන අවස්ථාවේදී එහි නොවුහ.

පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව  රජය මෙවැනි අවස්ථාවකදී  ඉල්ලා අස්වීමේ ප්‍රශ්නයක් මතු නොවන බව ආණ්ඩුක්‍රම විශාරදයෝ කීප දෙනෙක්ම කීහ.

හිටපු ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවසුයේ අගමැති ,විපක්ෂ නායක හා මුදල් ඇමැති ඉල්ලා අස්විය යුතු බවයි.එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුයේ  රජය ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.

‘අපි සුදානම් වුණේ 6.5 % – 7.5 % පොලියට භාණ්ඩාගාර බිල්පත් වලින් මුදල් ගැනීමයි.එය පරාජය කළා දැන් අපිට භාණ්ඩාගාර බැඳුම්කර මගින් 10.5% පොලීයට මුදල් ගන්න වෙනවා රජයේ අත්‍යවශ වියදම් සඳහා .ඒ බර මහජනයාට පැටෙව්වේ මේ රෙගුලාසිය පරාජය කිරීම නිසා .ඒ වගකීම විපක්ෂ බාර ගන්න ඕනෑ. ‘

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.