බැඳුම්කර වංචාව යටපත් කිරීමේ තැතක් ?

cope-committeeබැඳුම්කර වංචා ගැන සොය බැලීමට පත් කල ති‍්‍රපුද්ගල කමිටුව තවත් අතිරේක මාස තුනක කාලයක් ඉල්ලා ඇති බවට වාර්තාවේ. මෙම කමිටුවේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ඞී. චිත‍්‍රසිරිය. මීට අමතරව ප‍්‍රසන්න සුජීව ජයවර්ධන විනිසුරුවරයාත් විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගනකාධිපති කන්දසාමි වේලූපිල්ලේ මහතාත් කටයුතු කරති. මෙම කොමිසම කියා සිටින්නේ තමන්ට තවත් වැදගත් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි ගැඹුරින් විමර්ශනය කල යුතු බවයි.

මෙම සතියේ රැස්වෙන කමිටුව හමුවේ පළමු කෝප් සභාපතිවරයා ලෙස කටයුතු කල ඞී. ඊ. ඩබ්ලිව්. ගුණසේකර සහ වර්තමාන කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය මුදල් ඇමති සහ කෝප් සාමාජික ආචාර්ය හර්ෂ ද සිල්වා සාක්ෂි දීමට නියමිතය. මෙම බඳුම්කර කමිටුව තවත් මාස කිහිපයක් කල් ඉල්ලා ගැනීම නිසා මෙම වංචාව යටපත් කර දැමීමේ ඉඩක් තිබේ යැයි ඇතැම් පිරිස්
පෙන්වා දෙති.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!