බැඳුම්කර වංචා හෙළිදරව් කළ නිලධාරීන් දඬුකඳේ…………..

anura-kumaraබැඳුම්කර දුෂණය හෙළිදරව් කිරීමට කටයුතු කළ නිලධාරීන් හට දැඩි පීඩනයකට ලක්වීමට සිදුවූ බව බැඳුම්කර ගනුදෙනුව ගැන අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය

‘‘මෙම වංචාවට හවුල්වූවන් විගණකාධිපතිටත් බලපෑම් කළා. ඔහුගේ ස්වාධීනත්වය අභියෝගයට ලක් කරන්න උත්සාහ කළා. විගණකාධිපති දඬුකඳේ එල්ලා ගල් ගසා මරා දමන අකාරයෙනුයි පොදු ව්‍යාපාර කාරක සභාවේදී ඔහුගෙන් ප්‍රශ්න කරන්න ගත්තේ. එම සභාවෙදි විගණකාධිපතිට හා නිලධාරීන්ට එල්ල කළ තර්ජනයේ අදහස ඔවුන් බිය කිරීමටයි. ඒත් නිලධාරීන් ඊට යටත් වුණේ නෑ. ” යැයි ඔහු පැවසීය.
‘‘සෘජුව හා වක්‍රව පර්පචුවල් සමාගම රුපියල් කෝටි 23,000ක බැඳුම්කර මිලදී ගෙන තිබෙනවා. බැඳුම්කර ගනුදෙනුව නිසා මාස 14ක් ඇතුළත සේවක අර්ථසාධක අරමුදලට ඇතිවී තිබෙන පාඩුව කෝටි 1490 යි. තමන් විශ්‍රාම යෑමේදී, ලෙඩකදි තමන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඉතිරි කළ මුදල. එය කණ්ඩායමක් විසින් ගිලගෙන තිබෙනවා. එම මුදල් ගලාගෙන ගියේ පර්පෙචුවල් සමාගමට. බැඳුම්කර මිලදී ගන්නා අනිත් සමාගම් සියයට තිස් ගණනකින් වත්කම් වර්ධනය කර ගනිද්දී පර්පෙචුවල් සමාගමේ වත්කම් 1853 % කින් වැඩි වෙළා. මේ කාලයේ මිලියන 13,000 ක ලාබයක් එම සමාගමට ලැබී තිබෙනවා. ‘‘ යයිද පැවසූ අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

සබැඳි පුවත්

One thought on “බැඳුම්කර වංචා හෙළිදරව් කළ නිලධාරීන් දඬුකඳේ…………..

  • January 26, 2017 at 4:14 pm
    Permalink

    Mata mehema deyak hithenawa.Mata pena widiyata ape rate dushana wancha loku loku ewa kohomawath nawath wanna be.Eka nisa api owa neethigatha karamuda? Etha kota me wage kada kappal karayo loku minissunta kachal bachal danne nene. Moko owa hoyanna yanawa kiyanne poddak hari inna honda minissu tika ena ganna eka withrai. Kohomatath denuth salakanne horunta eth unofficially ne. Nedda man kiyanne?

    Reply

Leave a Reply

Your email address will not be published.