ජොන්ස්ටන් අත් අඩංගුවට -බැසිල්ට ඇප නැහැ

DSC_0111

 

 

පසුගිය ආණ්ඩුව සමයේ සතොසේ සිදුවූ බව පැවසෙන මූල්‍ය වංචා පිළිබඳව ප්‍රශ්න කිරීමට කැඳවා තිබුණු හිප්ටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අදාළ චෝදනා පිළිබඳව ප්‍රශ්න කිරීම පිණිස අඟහරුවාදා උදෑසන 10 ට පොලිස් මූල්‍ය වංචා විමර්ශන කාර්යාලයට වාර්තා කරන මෙන් ඔහුට දන්වා තිබුණි.

සතොසේ සිදුවූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (05) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවනු ලැබීය.

 

 

හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් ලබන 7 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා අද නියෝග කළේය.

129

 

 

බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් දොස්තර නිහාල් ජයතිලක, දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන සැකකරුවන් කොළඹ මර්චන්ට් වාට්ටුවේ රඳවා තබන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත් එම ඉල්ලීම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට යොමු කරන ලෙසද දැන්වීය.

 

දිවි නැගුම මුදල් වංචා කළැයි සැකපිට හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක හා දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ රණවක යන පිරිස අද (5) කඩුවෙල අධිකරණයට  පැමිණි අවස්ථාවේදී  බැසිල් රාජපක්ෂ ගිලන් රියකින්ද සෙසු දෙදෙනා බන්ධනාගාර රියකින්ද අධිකරණ භූමියට ගෙන එනු ලැබූහ. බැසිල් ගිලන් රියේම සිටියේය.

ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැන්වූයේ ඔහු හදවත් රෝගයකින් පෙළෙන බවයි. ආඝාත තත්ත්වයක් ගැනද නීතිඥවරු කියා සිටියහ.

අධිකරණය මිනිත්තු 15 කට කල් තැබිණි.

 

 

 

 

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.