බැසිල්ට නිවාඩු ලැබුනේ කොහොමද?

පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්‌ෂ මහතාට මාස තුනක කාලයක්‌ නිවාඩු ලබාදීමට ඊයේ (18 දා) පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි.

බැසිල් රාජපක්‌ෂ මහතාට ඊයේ සිට මාස තුනක කාලයක්‌ නිවාඩු ලබා දෙන්නැයි ඉල්ලීමක්‌ කර ඇති බව පවසමින් විපක්‌ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිවාඩු යෝජනාව සභාවට ඉදිරිපත් කළේය.

විපක්‌ෂ නායකවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කළ පසු නැගී සිටි අනුර කුමාර දිසානායක මහතා, “කථානායකතුමනි… නිවාඩු දෙන්න කලින් නොපැමිණ සිටින්නේ ඇයි දැයි කියා දැනගන්න කැමතියි…” යෑයි කීය.

කථානායක චමල් රාජපක්‌ෂ මහතා – ඔව්… ඒක හොඳ යෝජනාවක්‌. කාරණා දැනගත්තා නම් හොඳයි…

විපක්‌ෂ නායකවරයා – සම්ප්‍රදායක්‌ ලෙස එවැනි කාරණා දීලා නෑ…

කථානායකවරයා – මේක විශේෂ හේතුවක්‌ වෙන්න ඇති. ඒකයිනේ අහන්නේ…

විපක්‌ෂ නායකවරයා – යෝජනාව සභාවට ඉදිරිපත් කර තිබෙනවා. එකඟවීම හෝ නොවීම මන්ත්‍රීවරුන්ගේ යුතුකමක්‌.

ඉන්ටර්පොල් දමාගෙන ආණ්ඩුව හොයන බැසිල් රාජපක්‌ෂ  යළිත් වතාවක් තමන්ගේ ගජ මිතුරු සවිය පෙන්වාතිබේ.

මහා පරිමාණ  දුෂණ සම්බන්ධයෙන් අල්ලස් සහ දුෂණ කමිටුවට ඉදිරිපත් කෙරෙන පැමිණිලි වල නම සඳහන්  බැසිල් රාජපක්ෂ හට නිවාඩු ඉල්ලන කරණය සඳහන් නොකොට

නිවාඩු  ලබා ගත හැකිවී තිබේ.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා පසුගියදා  ජනතා විමුක්ති පෙරමුණ හඳුන්වා දුන්නේ ජනතා පොලීසිය ලෙසිනි. එහි පොලිස්පති අනුර කුමාර දිසානායකයි.

මේ පොලිස්පතිවරයා හීන් කෙඳිරියක් නගා නිහඬ වී තිබේ. සිදුව ඇති දුෂණ සම්බන්ධයෙන් තීරණාත්මක ලෙස ක්‍රියාත්මක වීමට කැපවී සිටින මන්ත්‍රී වරුන් සිටින පාර්ලිමේන්තුවක් වුවේ නම් ඔවුන් කළ යුතුව තිබුනේ බැසිල් රාජපක්ෂට ජනධිපතිවරණය හමාරට වූ සැනින් තමන්ගේ රටට යෑමට බලපෑ හේතුව විමසා ඒ අනුව තීරණයක් ගැනීමත් ඔහුව ආපසු ගෙන්වා ගැනීමට ගන්නා පියවර විමසීමත්ය.

එහෙත් එහෙව් පාර්ලිමේන්තුවක් ඇති වන්නේ කණ කැස්බෑවා විය සිදුරින් අහස බලන දාය.

 

Parliamentarian Basil Rajapaksha gets three months leave from sri lanka’s parliament

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.