බැසිල් අල්ලන්ට Interpol අවශ්‍යද?

 

 

mangala

 

 

ජනාධිපතිවරණයෙන් පසු රටින් බැහැරව ගිය හිටපු ජනපති  සොයුරු බැසිල් රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමට රජය ජාත්‍යන්තර පොලිසියේ සහය පතයි.

ඇමරිකා පුරවැසියෙකු වන බැසිල් රාජපක්ෂ  පසුගිය ජනවාරි 11 වැනිදා  අළුයම සිය  බිරිඳ පුෂ්පා රාපක්ෂ සමග  රටින් පිටව ගියේය. ඔහු ඇමරිකාවේ කැලිපෝනියා ප්‍රාන්තයේ වාසය කරයි.

ඔහුට එරෙහිව බරපතල මුල්‍ය වංචා චෝදනා ඇතැයි ඇමති මන්ඩල ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ‘‘ෂිංහුආ‘‘ චීන ප්‍රවෘත්ති සේවය සමගද පවසා ඇත.

බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සමග එක් වී බරපතල ලෙස මොහු මුදල් වංචා කර ඇතැයි එම පැමිණිලි වලින් සඳහන් වෙතියි සේනාරත්න මහතා පවසා ඇත.

ඇත්ත උවමනාවක් ඇත්නම්

තවමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන බැසිල් රාජපක්ෂ යළි කැඳවීම සඳහා  කථානායකවරයා හරහා කැඳවීමක් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන්නේ මන්ද යන්න ප්‍රශ්නයකි.

පසුගියදා රූපවාහිනී වැඩසටහනක් මෙහෙයවමින් උපුල් ශාන්ත සන්නස්ගල කියා සිටීයේ රටින් පන සිටින බව විශ්වාශ කෙරෙන සිසිලියා කොතලාවල අල්ලා ගැනීම සඳහා ඉන්ටර්පොල් වෙත සිංහල බසින් ලිපියක් ලියා තිබුන බවයි.

මාධ්‍යවේදියෙක් කියා සිටීයේ බැසිල් ගෙන්වා ගැනීම සඳහා ඇත්ත උවමනාවක් ඇත්නම් පළමු කොට ඇමරිකාවේ සිටින ශ්‍රිලංක තානාපති වරයා හරහා කැඳවීමක් කල හැකි බවයි.

එසේ නැතුව ඉන්ටෙර්පොල් මැදිහත්වීම් ගැන කතා  කිරීම හුදු දන මන පිනවීම සඳහා කෙරෙන්නක් බවයි මේ මාධ්‍යවේදියා පෙන්වා දුන්නේ.

රාජපක්ෂ පරිපාලනය හා විරසක වුවන් ෂේප් කර තබා ගැනීම බැසිල් ගේ ප්‍රධාන කාර්ය වූ බව අමතක කලයුතු නොවේ.

මෙසේ ශේප් කරගත් බොහෝ දෙනා දැන් රට කරවන තැනට පත්ව සිටින බව අමතක කළ යුතු නොවේ

 

Interpol assistance to question Basil.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.