බැසිල් කටුනායකදීම අත්අඩංගුවට ගැනීමට නියෝග

Picture-5bas

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගුවන්තොටුපළට පැමිණි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (30) නියෝග කර තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අක්‍රමිකතා, පසුගිය ජනපතිවරණය සඳහා දිවි නැගුම දෙපාර්තමේන්තු මුදල් වියදම් කිරීම, සමුළුවක් සඳහා සමෘද්ධි අරමුදලින් රුපියල් මිලියන 70 ක් වියදම් කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කරනු ලැබූ විමර්ශනවලින් එම චෝදනා තහවුරු විය. එම නිසා බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙන අතර එම චෝදනා පදනම් කරගනිමින් බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම අත්හිටුවන ලෙස පසුගියදා කඩුවෙල මහේස්ත්‍රාත්වරයාගෙන් නීතිඥවරු හරහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා වෙත මෙම චෝදනා එල්ල වීමෙන් අනතුරුව පසුගියදා පුවත්පත් වෙත ඔහු දුරකතනයෙන් සම්මුඛ සාකච්ඡා ලබා දෙමින් ප්‍රකාශ කර තිබුණේ ලඟදීම තමා ලංකාවට පැමිණෙන බවය. එහෙත් ඊයේ දිනයේදී බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ අප්‍රේල් මස 20 වනදායින් පසු ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවය.

 

 

 

 

 

හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති රාජපක්ෂ සහ හිටපු ආර්ථික සංවර්ධන ඇමති බිරිඳ පුෂ්පා රාජපක්ෂ යන දෙදෙනා පවත්වාගෙන ගිය රාජ්‍ය නොවන සංවිධානවල බැංකු ගිණුම් අධිකරණ නියෝගයකින් අත්හිටුවා ඇත. එම ගිණුම් අත්හිටවූ අවස්ථාවේ ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වාගෙන යන සිවිල් ලිය සවිය පදනමේ රුපියල් හාරකෝටි තිස්අට ලක්ෂයක්ද පුෂ්පා රාජපක්ෂ පවත්වාගෙන ගිය පදනමේ රුපියල් හතලිස් තුන් ලක්ෂයක්ද තිබී ඇත.

මෙම ගිණුම් සම්බන්ධයෙන් පවතින සැකසහිත තත්වය හමුවේ මේ වනවිට අධිකරණ ක්‍රියාමාර්ග අනුගමනය කෙරෙමින් පවතින අතර කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත එම ගිණුම් අත්හිටුවා තිබේ. රාජපක්ෂ බිරින්දෑවරුන්ගෙන් මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ලඟදීම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතය.

හිටපු ජනාධිපති බිරිඳ පවත්වගෙන ගිය ගිණුම ආරම්භයේදී ව්‍යාජ තොරතුරු ලබා දී තිබිණ. එමෙන්ම ඇය විසින් පවත්වාගෙන යන කාල්ටන් පෙරපාසල් ජාලයද අයථා ලෙස මුදල් උපයන ජාවාරමක් බව මාධ්‍ය මගින් හෙළි කර තිබිණ. නමුත් මේ දක්වා කිසිදු පරීක්ෂණයක් ආරම්භ කෙරී නැත.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!