බැසිල් දේශපාලනයට සමුදෙයි ?

 

තවදුරටත් දේශපාලනයේ නිරතවීමට අදහසක් නොමැති බව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සියBasil-Rajapaksa හිතවතුන්ට පවසා ඇතැයි වාර්තා වේ.

පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තමා කළකිරීමට පත්ව සිටින බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට තරම් මානසිකත්වයක් නොමැති බවත් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

කෙසේවෙතත් නඩු කටයුතු අවසන් වූ පසු දිවයිනේ රැඳී සිටින්නේද යන්න පිළිබඳව ඔහු තවම තීරණයකට එළැඹ නැති බවද වාර්තා වෙයි.

ඒ මහතාගේ බිරිඳ වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය අමෙරිකාවේ රැඳී සිටියදී තනිවම ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේද දේශපාලනය පිළිබඳව කළකිරීමෙන් බව ඔහු හිතවතුන්ට පවසා තිබේ.

බැසිල් රාජපක්ෂ මහතාට දිගටම දේශපාලනයේ යෙදෙන්නැයි දිනපතා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබෙන බවද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.