බැසිල් පොල්පිත්තටද සුදානම්

“මොන ඡන්ද ක‍්‍රම ආවත් කමක් නැහැ. අපි දැන් ඕන පිච් එකක බැට් කරන්න ලෑහැස්තියි. බැට් එකක් වෙනුවට පොල් පිත්තක් දුන්නත් ගහනවා” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.

සන්ධානගත වී තරග වැදීමට පක්‍ෂ ගණනාවක් සමග සාකච්ඡා කරගෙන යන බව කී රාජපක්‍ෂ මහතා පළාත් පාලන ආයතන 200ක බලය ගැනීමට හැකියාව තිබෙන බවද ප‍්‍රකාශ කළේය.

‘‘සමහර මාධ්‍ය අපිට ගහනවා. දඩාවතේ යන බල්ලකු හපා කෑවාට අපි ඌව හපා කන්න යන්නේ නැහැ. මම මාධ්‍යවලට ගරු කරන කෙනෙක්’’ බැසිල් රාජපක්‍ෂ මහතා කීය.

බැසිල් රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

බැසිල් රාජපක්‍ෂ මහතා එහිදී මෙසේද කීය.

අපේ පක්‍ෂය ළාබාල එකක් වුණාට අද වන විට හැම පැත්තකින්ම සංවිධාන වී සිටිනවා. ආගමික සංවිධාන පවා එකතු වෙලා ඉන්නවා. අපි මුහුණ දෙන පළමු මැතිවරණ මෙයයි. මේ මැතිවරණයේ අපි ජනමත විමසුමක් ලෙස යොදා ගන්නවා. ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි වැඩ ආර්ථික අර්බුදය, ජීවත වියදම, ජාතික සම්පත් කුණු කොල්ලයට විකිණීම, සංවර්ධන ව්‍යාපෘති ඇන හිටීම, රැකියාවලට නොගැනීම යන ප‍්‍රශ්න මුල් කරගෙන මැතිවරණ ව්‍යාපාරය ගෙනයනවා.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.