බැසිල් වෙනුවෙන් පෙත්සම්

දිවිනැගුම අරමුදලේ මුදල් සාවද්‍ය පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවනට ඇප දීම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරමින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කර සැකකරුවනට ඇප දෙන්නැයි ඉල්ලමින් කොළඹ මහාධිකරණයේ අද නඩු තුනක් පැවැරිණි.

රාජපක්ෂ මහතාගේ එම නඩු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය නඩුවේ වගඋත්තරකරුවන් වන නීතිපති හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිට ලබන අට වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.

b292b668b51cb8c9a98c649f6a341b0e_L

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

බැංකු ගිණුමක් සම්බන්ධයෙන් මෙලෙස පැය දෙකහාමාරක පමණ කාලයක් ඇයගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකා සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.
අද(01) පෙරවරුවේ පිරිසක් පොලිස් මුල්‍ය වංචා විමර්ශන කොට්ඨාශය ඉදිරිපිටදී කළහාකාරී ලෙස හැසීරී ඇති බව වාර්තා වේ.

‍‍ඒ හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් වෙනත් ආරක්ෂක ස්ථානයකදී ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!