බැසිල් සහ පිරිස අත්අඩංගුවට-ඇප නැත

 

basil_CI

 

 

පොදු දේපළ වංචා කිරීම යටතේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති සහ දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවකද, ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් රණවකද අත් අඩංගුවට ගත් බව බැසිල් රාජපක්ෂ මහතාගේ නීතිවේදී යූ.ආර්. ද සිල්වා මහතා ඒ.එෆ්.පී ප්‍රංශ පුවත් සේවයට කීවේය.

එම තිදෙනාගේ කට උත්තර අවසන් කිරීමට තව පැයක් පමණ ගතවනු ඇතැයි පොලිසිය කියයි.

එම කාර්යය හමාර කිරීමෙන් පසුව ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මෙම පනත යටතේ වරදක් කර ඇතැයි කියන කෙනකුට ඇප නොලැබෙනු ඇතැයි නීතිඥවරු කියති.

දිවි නැගුම යටතේ ඉසුරු උදාන නම් වැඩසටහනින් මුදල් වංචාවක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි. දිවි නැගුම වැඩසටහන යටතේ දිවි නැගුම සමුළුවක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 700 ක් වියදම් මගින් වංචා කළැයි මේ තිදෙනාට එරෙහිව පරීක්ෂණ පැවැත්වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.