බැසිල් සහ පුෂ්පා රාජපක්ෂට තවත් නඩුවක් ?

 

 

Pushpa-Basil

 

රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවන හිටපු ආර්ථික සංවර්ධන අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ භාර්යාව වන පුෂ්පා රාජපක්ෂ මහත්මිය යටතේ ඇයගේ නමට ඇති පදනමේ ගිණුමකට කොළඹ අලුතින් ඉදිකෙරුණ වරායේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාගත් චීන සමාගමකින් රුපියල් මිලියන 600ක් හෙවත් කෝටි 60ක මුදලක් බැරවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

වරායේ ඉදිකිරීම් කටයුතුවල කොටසක් බාරගෙන තිබූ Colombo International Container Terminal නමැති සමාගම එක් චෙක්පතකින් සෘජුවම මෙම මිලියන 600 මුදල පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට බැර කර ඇති බව මේ වනවිට අනාවරණය වී තිබේ.

පුණ්‍ය පදනමක් ලෙස එම පදනම පිහිටුවා ඇතත් එහි මුදල් එය පිහිටුවාගත් අය විසින් පෞද්ගලිකවම පරිහරණය කරන බවට මූල්‍ය අපරාධ කොට්ඨාශය තහවුරු කරගෙන ඇත.

එම චීන සමාගමට අදාළ වරාය සංවර්ධන කටයුතුවලට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීම පිටුපස රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුව සිටි බැසිල් රාජපක්ෂ මහතා සිටබවද අනාවරණය වේ.

එම සමාගමට අදාළ කොන්ත්‍රාත්තුව පැවරීමේදී ඔහුට ‍සමාගමෙන් ලැබුණු කොමිස් මුදල වූ මිලියන 600 සෘජුවම බාර නොගෙන “පුෂ්පා රාජපක්ෂ පදනමේ ” ගිණුමට බැරකරවා ඇති බවටද තොරතුරු ලැබී තිබේ.

සියලු තොරතුරු තහවුරු කර ගැනීමෙන් අනතුරුව එම වංචාවට සම්බන්ධව පුද්ගලයන් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා ප්‍රශ්නකිරීමෙන් පසු ඉදිරික්‍රියාමාර්ග ගැනීමයට නියමිත බව හෙළි වේ.

පුෂ්පා රාජපක් මහත්මියගේ නමට සහ ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන අයට ඇමරිකාවේ තිබෙන නිවාස පිළිබඳව පසුගිය කා‍ලයේ අප වෙබිඅඩවිය විසින් අනාවරණය කළේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.