බැසිල් හොඳ සුවයෙන්

 

Basil rajapakse 1.pngහිටපු ඇමැති බැසිල් රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය තමා සම්පූර්ණ ලෙස පරික්ෂා කළ බවත් කියන තරම් ලෙඩක් හෝ රෝගී තත්ත්වයක් ඇති බවක් නොපෙනෙන බවත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී දොස්තර උත්පල ආටිගල කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතාට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවකින් දැක්වේ.

ගිලන් රියකින් අදත් උසාවියට රැගෙන ආ බැසිල් ගිලන් රියේම රැඳී සිටියේය. මහේස්ත්‍රාත්වරයා පැමිණ ඔහු පරීක්ෂා කළේය. නඩුවේ සෙසු සැකකරුවන් වන හිටපු අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක , දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.කේ.කේ. රණවක හා දිවි නැගුම බැංකුවේ සභාපති පී.බී.තිලකසිරි ද පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍යවරයාට නියම කළේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.