බැසිල් 16 කණ්ඩායමට ඔරවයි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වූ 16 කණ්ඩායම සමඟ තමන් කිසිඳු සාකච්ඡාවක් නොපැවැත්වූ බවත් එවැනි කණ්ඩායම් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවත් බැසිල් රජපක්ෂ මහතා පවසයි.

දෙපැත්තක කකුල් තියාගෙන සිටින පුද්ගලයින් පිළිබඳ ජනතාව ඉදිරියේදී තීරණයක් ගනු ඇති බවට බැසිල් රාජපක්ෂ මහතා 16 කන්ඩායමට අනතුරු ඇඟවීමක් ද කළේ ය.

බැසිල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (14) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එම මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ 2020 අපේක්ෂකයා ලෙස නීතියෙන් බාධාවක් නොමැතිනම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවත් එසේ නොහැකි නම් එතුමා නම් කරන වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.