බිදුණු සිත් යාවී නැහැ-මෛත්‍රි

150519102720_maithripala_sirisena_war_anniversary__512x288_bbc

යුධ සමයේ කැඩී බිඳී විනාශ වී ගිය භෞතික සම්පත් යළි ගොඩනැගීමට හැකි නමුත් බිඳුණු සිත් යළි ගොඩ නගා ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවූ බව ජනාධිපති සිරිසේන පවසයි.

මාතර නගරයේ සංවිධානය කළ රණවිරු සැමරුම් ජාතික උත්සවය අමතමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ නැවත යුද්ධයක් ඇති නොවීමේ වගකීම සිය රජය පැහැදිලි ලෙස භාර ගන්නා බවයි.

 

‘අපි නව රජය ලෙස පැහැදිලිව කියන්න ඕනේ, අපේ ප්‍රතිපත්තිය වන්නේ සංවර්ධනය සහ සංහිඳියාවයි. භෞතික සංවර්ධනය තුළ ජාතීන්ගේ සංහිඳියා පිළිවෙතක් සම්බන්ධයෙන් ප්‍රමුත්වය ලැබුණේ නැහැ’ ජනාධිපතිවරයා පැවසීය.

සංහිඳියා පිළිවෙතක් තුළ සත්‍ය ගවේෂණය, යුක්තිය ඉටු කිරීම, සියලු ජාතීන් අතර බිය සැක අවිශ්වාස නැති කිරීම වැනි කාරණා ඉටු කළ යුතු බව පැවසූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ යුද්ධයේ අත්දැකීම් සමග විශේෂයෙන්ම සංහිඳියා වැඩපිළිවෙළක තිබෙන්නා වූ ප්‍රමුඛතාවය තේරුම් ගැනීමට අවශ්‍ය වන බවයි.

 

 

150519103103_war_anniversary__512x288_bbc

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.