බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ලංකාවට

ranil jayawardaneශ්‍රී ලාංකික සම්භවයක් සහිත බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් ජයවර්ධන මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන 15 වැනි දා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකාවේ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ ඊශාන දිග හැම්ප්ෂයර් ප්‍රදේශය නියෝජනය කරමින් කොන්සර්වේටිව් පක්ෂයෙන් තරඟ වැදුණු අතර ඔහු ඡන්ද 35,573 ක් ලබා ගත්තේය.  ජයවර්ධන මහතාගේ පියා ශ්‍රී ලාංකිකයෙකු වන අතර මව ඉන්දීය ජාතික කාන්තාවකි.  බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ගේ ශ්‍රී ලංකා වෙළඳ නියෝජිතයා ලෙස රනිල් ජයවර්ධන මහතා ඊයේ  (7) පත්වීම් ලැබූ අතර එම පත් කිරීමෙන් පසුවයි ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ.

ජයවර්ධන මහතා ලබන 17 වැනි දා තෙක් දිවයිනේ රැඳී සිටින අතර .ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන බි‍්‍රතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලමේන්තු කණ්ඩායම් සභාපතිත්වයද ඉසුලනු ලබයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.