බුකියට ඕන විදිහට පිටිය සකසන්න ගිහින් ගාල්ල ක්‍රිකට් පිටියේ පාලක මාට්ටු – අල්ජසීරා හෙළිකරයි!

galle stadiumබුකී කරුවන්ට අවශ්‍ය ආකාරයට තරඟ ජය තහවුරු කිරීමට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පිටිය සැකසීම සඳහා එහි නියෝජ්‍ය පාලකවරයා විසින් අල්ලස් ලබා ගැනීමක් පිළිබඳව හෙළිදරව්වක් අල්ජසීරා ආයතනය විසින් හෙලිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පසුගිය වසරේ පැවති ටෙස්ට් තරඟයත්, ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර 2016 පැවති ටෙස්ට් තරඟයත් පවත්වා ඇත්තේ අවශ්‍ය ආකාරයට පිටිය සැකසීමෙන් අනතුරුවයි. එසේම මේ වසරේ අගදී පැවැත්වීමට නියමිත එන්ගලන්ත ශ්‍රී ලංකා ටෙස්ට් තරඟයද බුකි කරුවන්ට අවශ්‍ය ආකාරයට පිටිය සැකසීමට මේ වන විට පියවර ගෙන අවසන් කර තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටිය සකසන භාරකරු මෙන්ම නියෝජ්‍ය කළමණාකරු තරංග ඉන්දික අල්ජසීරු වාර්තාකරුවන් ඉදිරියේ හෙලිදරව් කර ඇත්තේ පසුගිය ඕස්ට්‍රේලියානු තරඟයේදී බෝලර්ලාට වාසි වන ආකාරයට පිටිය සැකසනු ලැබූ බවත් එහිදී රෝලර් භාවිතා නොකර විකට් සඳහා ඉතාම දුර්වල ආකාරයට පිටිය සැකසූ බවයි. ඒ අනුව ස්පයිනින් විකට් ගැනීමේ හැකියාව එම තරඟයේදී ලැබී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.