බුද්ධගයා ජය ශී‍්‍ර මහා බෝ සමිඳුන් දිලීරයෙන් නිරුපද්‍රිතයි

 

5534792992_f5381b1730_b

 

ඉන්දියාවේ, බුද්ධගයා ශුද්ධ භූමියේ පිහිටි ජය ශී‍්‍ර මහා බෝධීන් වහන්සේට දිලීර ආසාදනයක් ඇති වී තිබෙන නමුත් බිය විය යුතු නැති බව  ශාක වේදීන් පවසති.

ඉන්දියාවේ ශාක විද්‍යාඥවරු විසින් මේ බව හඳුනා ගෙන ඇති අතර ඒ සඳහා ප‍්‍රතිකාර වශයෙන් ඖෂධීය ආලේපයක් බෝධීන් වහන්සේ මත ආලේප කිරීමට කටයුතු යොදා ඇත.

විශේෂ අධීක්ෂණයක් යටතේ බෝධි වෘක්ෂයේ දිරා ගිය අතු පසු ගිය කාලයේදී ඉවත් කර තිබේ.

බෝධීන් වහන්සේ වටා භූමියේ පස දිනපතා මිලියන ගණනක් සැදැහවතුන්ගේ පයට පෑගීම නිසා බෝධි වෘක්ෂයේ පෝෂණ නාලිකා සිර වීම මෙයට හේතුවක් විය හැකි බව ශාක විද්‍යාඥවරු සැක පහළ කරති.

මෙම පූජනීය වෘක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා සෑම මාස හයකට වරක් බෝධීන් වහන්සේගේ සවිස්තරාත්මක සෞඛ්‍ය පරීක්ෂාවක් සිදු කිරීමට ඉන්දීය බලධාරීහු කටයුතු යොදා තිබේ.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.