බුදුන්ට අවමන් කරනු එපා – බාහු

wickramabahu-karunaratneඋතුරු පළාත් තුල බුදු පිළිම ඉදිකිරීම බුද්ධාගමටද අවමානයක් යයි නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න මහතා කියයි.

බුදුන් වහන්සේ පවා බලහත්කාරයෙන් බුදු පිලිම ඉදිකිරීම අනුමත නොකල බවද පවසන ඔහු බුද්ධාගම නොඅදහන බහුතරයක් සිටින උතුරු පලාත තුල බුදු පිලිම ඉදිකිරීම බුදුදහමට අවමානයක් බවද කියයි. සී.වී. විග්නේස්වරන් විසින් සංවිධානය කරනු ලැබූ ‘එළුග තමිල්’ විරෝධතා ව්‍යාපාරය ‘භාග්‍යමත් කාරණයක්’ යයිද වික‍්‍රමබාහු කරුණාරත්න මහතා කොළඹදී පැවති මාද්‍ය හමුවකදී කියා සිටියේය.

පැවති රාජපක්‍ෂ පාලනය පෙරලා දැමීම නිසා දෙමළ ජනතාවටද තම අයිතීන් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී අරගල කරන්නට අවස්ථාව ලැබී ඇති බවත් රජය ඊට යුක්ති සහගත පිළිතුරක් දියු යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.