බෙදීම් තිබිය යුත්තේ සිතියම් වල මිස හදවතේ නොව-මෛත්‍රීපාල

2015-07-23

 

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුව මෙවර බලයට පත්වන නව රජය තුළින් මේ රටේ සිංහල,දෙමළ හා මුස්ලිම් ඇතුලු සියලු ජනතාවට සහෝදරත්වයෙන් යුතුව ජීවත් විය හැකි නව රටක් බිහිකරණ බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 28 දා සවස කිළිනොච්චියේදී පැවසීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කිළිනොච්චිය නගරයේ අලුතින් ඉදිකළ සතොස වෙළදසැල විවෘත කිරීමෙන් පසුව රැස්ව සිටි ජනතාව අමතමිනි. ජනාධිපතිවරයා කිළිනොච්චියට පැමිණීමට පෙර වැලිඔය සහ යාපනය ප්‍රදේශ වලද සංචාරය කොට මහජන හමු කීපයකටද සහභාගි විණි.

විශාල පරිවර්තනයක්

sirisenacccc

 

කිළිනොච්චියේදී තවදුරටත් ජනතාව ඇමතූ ජනාධිපතිවරයා කියාසිටියේ මහමැතිවරණයෙන් බලයට පත්වන නව රජය හරහා විශාල පරිවර්තනයක් ඇති කිරීමට තමන් කටයුතු කරණ බවයි.

රටේ ජනතාවට කිසිදු බියකින්, සැකයකින් හා අවිශ්වාසයකින් රටතුළ මෙන්ම නිවසේද ජීවත්විය හැකි පරිසරයක් ඇති කොට දීම තම අරමුණ බව කී ජනාධිපතිවරයා මේ රටේ උතුර, දකුණ, නැගෙනහිර, බස්නාහිර වශයෙන් පළාත් තිබිය යුත්තේ සිතියම් වල පමණක් බව පැවසීය. එසේ නොමැතිව වෙනත් ක්‍රමයකට රටබෙදීමට වෙන් කිරීමට කවරෙකුවත් උත්සාහ නොකළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෑම අයෙකුම මේ රට තමන්ගේ රට වශයෙන් සිතා එය සංවර්ධනය කිරීමට දායක විය යුතු බවද කියා සිටියේය.

1978 වර්ෂයෙන් පසුව උතුරු නැගෙනහිර ජනතාව ජනාධිපතිවරයෙකු පත් කරගැනීම සදහා වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාදුන්නේ තමාව ජනාධිපති ධූරයට පත්කිරීමට බව අවස්ථා කීපයක්ම කියා සිටි ජනාධිපතිවරයා එම තත්ත්වය තමන්ගේ හදවත තුළ ඉතා දැඩිව තැන්පත් වී ඇති බවද කියා සිටියේය. මේ නිසා තමන් මෙහි ජනතාවට ඉතාම ආදරය කරණ බවත් රටේ සෙසු පළාත්වලට ලැබෙන අධ්‍යාපන. සෞඛ්‍යය කෘෂිකාර්මික ඇතුලු සියලු පහසුකම් උතුරු නැගෙනහිර ජනතාවටද ලබාදෙන බවද පැවසීය.

කෘෂිකර්මාන්තයට

උතුරේ ජනතාව කෘෂිකර්මාන්තයට ඉතාම දක්ෂ පිරිසක් බැවින් ඔවුන්ට තව තවත් සහන ආධාර උපකාර ලබාදිය යුතුව ඇතත් විදේශ රටවලින් කෘෂිකාර්මික නිශ්පාදන ආනයනය කිරීම කෙරෙහි තමන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බව කී ජනාධිපතිවරයා පසුගිය වර්ෂය තුළ පමණක්  මේ රටට පිටරටින් ආහාර ද්‍රව්‍ය ගෙන ඒමට රුපියල් කෝටි 6000 ක් වියදම් කොට අතැයිද පැවසීය.

උතුර ඇතුලු මේ රටේ තවත් පළාත්වල මිරිස් වගා කෙරුණද රටට අවශ්‍ය වියළි මිරිස් වලින් 75% ක්ම තවමත් පිටරටෙන් රැගෙන ඒම කණගාටුවට කරුණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ රටේ නිශ්පාදනය කළ හැකි සියලුම දේ මේ රට තුළම නිශ්පාදනය කිරීමේ දැවැන්ත පරිවර්තනය රජයේ ඉලක්කය හා අරමුණ බවද ප්‍රකාශ කළේය.

කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ පමණක් නොව නව කර්මාන්තශාලා ඉදි කරමින් ශ්‍රී ලංකාව කාර්මික අතින්ද ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට බලාපොරොත්තු වන බව කී ජනාධිපතිවරයා පසුගිය මාස හයක කෙටි කාලය තුළද ඒ වෙනුවෙන් යම් ප්‍රමාණයක යමක් සිදුකිරීමට රජයට හැකි වූ බවද පෙන්වා දුන්නේය.

siririce

 

 

රට තුළ ශක්තිමත් ආර්ථිකයක් බිහිකිරීමට නම් රටට අවශ්‍ය සියලුම් දේ ඒ රට තුළම නිශ්පාදනය කිරීමට අදිටන් කරගත යුතු බවත් මේ සදහා සියලුම දෙනාගේම සහාය අවශ්‍ය බවත් ජනාදිපතිවරයා කිළිනොච්චියේදී අවධාරණය කොට සිටියේය.

මේ ගමනේදී සියලුම දෙනා සහෝදරයින් මෙන් ක්‍රියාකිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා විසින් ඉතා දීර්ඝව විස්තර කළ අතර එකම රටක් යන සංකල්පය මෙහිදී ඉතාම වැදගත් බවද පෙන්වා දුන්නේය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.