බෙලිඅත්තේ සහ වීරකැටියේ නිල නොවන අවි ගබඩා

altබෙලිඅත්තේ සහ වීරකැටියේ පවත්වාගෙන යන නිල නොවන අවි ගබඩා ගැන සොයා බලන ලෙස ආරක්ෂක ඇමතිවරයාගෙන් ඉල්ලා සිටින බව නිවාස හා සමෘද්ධි ඇමති සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද(10) ප්‍රකාශ කළේය.මෙම නිල නොවන අවි ගබඩා තුළ ටි. 56 ගිනි අවි, ග්‍රේනේඩ් හා තුවක්කු ඇතුළු ආයුධ තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් විපක්ෂය ගෙනා සභාව කල් තැබිමේ යෝජනාවට පිළිතුරු දෙමින් ඇමතිවරයා එසේ කීය.
අවි ගබඩාවන් පරික්ෂා කොට ඒවා පවත්වාගෙන යන අය අත්අඩංගුවට ගන්නැයි ආරක්ෂක ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බවද ඇමති ප්‍රේමදාස මහතා සඳහන් කළේය. හම්බන්තොට අවි ගබඩවන් පවත්වාගෙන යන්නේ හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු යැයිද ඔහු පෙන්වා දුන්නේය.මැතිවරණයට පෙර තමන්ගේ නිවසට ආරක්ෂාව ඉල්ලුවත් එය නොලැබුණු බව පැවසු ඇමතිවරයා ඡන්දයෙන් පසු කාල්ටන් නිවසට හා මැදමුලන නිවසට ආරක්ෂාව සැපයු බවද ඔහු පැවසීය. ආණ්ඩු දෙකේ වෙනස එය බවද ඇමතිවරයා කීවේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.