බොදු බලය පක්ෂ ලියාපදිංචිය ඉල්ලයි

 

mxcpbodu-bala-sena1අලුත් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කිරීම ගැන සාකච්ඡා කිරීමට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි හා මාධ්‍ය ප්‍රකාශක ඩිලන්ත විතානගේ ඇතුළු නියෝජිතයෝ පිරිසක් අද (6) මැතිවරණ දෙපාර්තමේන්තුවට ගියහ.

කිසිම මැති ඇමැතිවරයකු බුද්ධාගම වෙනුවෙන් ක්‍රියා නොකරන බැවින් හා අවබෝධයක් නැති නිසා තමන් පක්ෂයක් පිහිටුවාගෙන ඒ වෙනුවෙන් කැපවන බවද ඔවුහු පැවසූහ.

නව පක්ෂය සඳහා නමක් හෝ ලකුණක් තොර ගෙන නැති බව ප්‍රකාශකයෙක් පැවසීය.

බොදු බල සේනා සංවිධානය සුළු ජාතිකයින්ට එරෙහිව ප්‍රකාශ සිදු කොට ඇති හෙයින් ඊට පක්ෂ ලියාපදිංචිය දිය යුතු  නැති බව ඇතමුන් තර්ක කරන අතරේ මෙවැනි දැඩි මතවාදී පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුළත තබා ගැනීම සඳහා පක්ෂ ලියාපදිංචිය ලබාදීම වැදගත් බව තවත් සමහරු පෙන්වා දෙති.

 

 

 

 

[vsw id=”/vztMIfitv2M” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.