බොදු බල සේනාවත් සටන් බිමට!

BODU BALA SENA
ඉදිරි මහමැතිවරණය සඳහා බොදු ජන පෙරමුණ (BJP) යන පක්ෂ නාමය යටතේ තරඟ වදින බව බොදු බල සේනා සංවිධානය අද (29) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
මැතිවරණය සඳහා තරඟ වදින්නේ ගිහි අපේක්ෂකයන් පමණක් බව සඳහන් කළ බොදු බල සේනා සංවිධානය ස්වාමීන් වහන්සේලා උපදේශකයන් වශයෙන් පමණක් කටයුතු කරනු ඇතැයි පවසා සිටියේ ය.
එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධානගතවීමේ බලාපොරොත්තුවක් තමන්ට නැතැයි ද එම සංවිධානය වැඩිදුරටත් පැවසුවේ ය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!