භික්ෂුන්වහන්සේලා විල්පත්තුවට

109535_DSC06930විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට එහි ආරක්ෂාවට තිබූ වන රක්ෂිත රැසක් අවතැන් වූවන් නැවත පදිංචි කිරීම යැයි පවසමින් සිදු කරන දැවැන්ත වන විනාශය දැක බලා ගැනීම සදහා (14) වන දින ජාතික භික්ෂු සම්මේලනය නියෝජනය කරන හිමිවරුන් 300ට ආසන්න ප්‍රමාණයක් සමග පරිසරවේදීන් මාධ්‍යවේදීන් සමග එම ප්‍රදේශයට යාම සිදු විය.

මෙම සංචාරය සදහා ජාතික භික්ෂු සම්මේලනයේ ලේකම් පිහියන්ගල ආනන්ද සාගර හිමියන් හා භික්ෂු සම්මේලනයේ විධායක සභික බත්තර මුල්ලේ දයාවංශ ඇතුළු හිමිවරු එක්ව සිටි අතර, පිවිතුරු හෙටක් සංවිධානයේ නියෝජිතයින් පිරිසක්ද එක්ව තිබෙනු දැක ගත හැකි විය.

කල්ආරු ප්‍රදේශයේ පැමිණි සියලු දෙනා වාහන වලින් බැස එම ප්‍රදේශය නිරික්ෂණයට ලක් කිරීම සිදු වූ අතර, එහි දී දැක ගැනීමට විශේෂිත කරුණු වූයේ මෙයට පෙර මෙම කල්ආරු ප්‍රදේශයේ වන සංරක්ෂණ අධ්‍යක්ෂක වරයාගේ නමින් අදාල ප්‍රදේශවල ඉදිකිරීම් ඇතුළු අනෙකුත් සියලුම කටයුතු තහනම් බවට දමා තිබූ පුවරු වල අලවා තිබූ ප්‍රදර්ශණ වැකි සහිත ස්ටිකර් ගලවා ඉවත් කර තිබීමය.

මෙය පරිසරවේදීන්ගේ බරපතල අවධානයට ලක්වීම සිදුවිය. ඉන් අනතුරුව මෝදර ගං ආරු ප්‍රදේශය දක්වා බස් රථවලින් පැමිණ පිරිස බස් රථ වලින් බැස විල්පත්තුව මුල්ලිකුලම් පිවිසුම ආසන්නයට ගමන් කිරීම සිදු වූ අතර, එහි දී ජාතික සංඝ සම්මේලනයේ හිමිවරුන් මෝදර ගං ආරු යකඩ පාලම මත හිද සත්‍යග්‍රහයක නිරතවීම සිදු වූයේ මෙම වන විනාශය නැවත සිදු නොකිරීමට බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමිනි.

මේ මොහොත වන විට විශාල මුස්ලිම් පිරිසක් පැමිණ සිටිය ද, ගැටුම්කාරි තත්ත්වයක් ඇති නොවුනද භික්ෂුන් වහන්සේලා හා ඔවුන් අතර, සුහද කථා බහක නිරත වූයේ මෙය සිංහල මුස්ලිම් ජාතික ප්‍රශ්ණයක් නොවන බවත්,  එකම අරමුණ විල්පත්තුවට සිදුවන හානිය වළක්වා ගැනීම බව ජාතික භික්ෂු සම්මේලනයේ ලේකම් පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මුස්ලිම් වරුන් වෙත දැණුම් දීම සිදු විය.

නැවත බස් රථ වල නැගී පැමිණෙමින් සිටි භික්ෂුන් වහන්සේලා රැගත් බස් රථයකට යතුරු පැදි වලින් පැමිණි මුස්ලිම් ජාතිකයින් පිරිසක් පහත් ආකාරයෙන් බැණ වැදීම නිසා ඇති වන්නට ගිය බරපතල ගැටුම්කාරි තත්ත්වය පොලිසිය මැදිහත්ව වළක්වා ලීම සිදු විය. මෙහිදී මෙම මුස්ලිම් ජාතිකයින් දැඩි ආවේගයෙන් හැසිරෙනු ආකාරය දැකගත හැකි විය.

පසුව නැවත කල්ආරු වෙත පැමිණි භික්ෂුන් වහන්සේලා ඇතුළු සංචාරයට එක් වූ පිරිස රැගෙන විත් තිබූ පැළ රෝපණය කිරීමක්ද සිදු විය. ඒ සමගම පරිසරවේදීන් විසින් ඔවුන්ගේ මැදැහත් වීමෙන් නියමුවන් රහිත (QUJD COCTGR) අධි තාක්ෂණික කැමරා සවි කල කුඩා යානයක් උඩු ගුවනට යවා අදාල ප්‍රදේශය ඡායාරූප ගත කිරීම විශේෂ සිද්ධියක් විය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.