මංගලගේ වයර් කැපුවේ කවුද?

MNGALA

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරන ප්‍රචාරක කටයුතු මෙහයවන මංගල සමරවීර පුරා කියා රැළි පැවැත්වීම ආරම්භ කළේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයෙනි.

රැස්වීම සඳහා ශබ්දවිකාශන යන්ත්‍ර වෙනුවෙන් නීත්‍යානු කූල අවසරය ගෙන තිබුනත් වැඩේට සුදානම් .වන විට පෙනී ගියේ ශබ්ද විකාශන (ලව්ඩ්ස්පීකර්) යන්ත්‍ර වල වයර් කපා ඇති බවය.

සාමාන්‍යයෙන් වයර් කපන්නේ මීයයන්ය .මෙහිදී සැකයේ ඇඟිල්ල දිගු වී ඇත්තේ මාතර පොලීසිය දෙසටයි.පොලීසිය චෝදනා ප්‍රතික්ෂේප කරයි.

‘උසස් පොලිස් නිලධාරියෙක් මාතර ඉන්නවා.  විපක්ෂයේ රැස්වීම්වලට එන සෙනඟ දැකලා ඔහුට බඩඑළිය යනවා යැයි මංගල සමරවීර පැවසීය.

 

 

ඒත් බල ඇණිය වැඩේ අත්හැරියේ නැත. වේදීකාව අසල ඇති ශබ්දවාහීනී (බෆල්) උපයෝගී කරගෙන ‍රැස්වීම පවත්වාගෙන ගිය අතර මාතර මහ නගරසභාවේ සන්ධාන නාගරික මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මෛත්‍රීපාල සිරිසේන පිළට එක්කර ගැනින.

(pic-lankadeepa)

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.