මංගල කෙරීට මොකද කියන්නේ?

 

 

205757023477-L (1)

විදේශ කටයුතු අමාත්‍ය ගරු මංගල සමරවීර මහතාගේ ඇරයුමක් මත ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මැයි මස 02 සිට 03 වැනිදා දක්වා නිල සංචාරක් සදහා ශ‍්‍රී ලංකාවට පැමැණීමට නියමිතය.

මෙය මංගල සමරවීර ලද තවත් ජයග්‍රහනයකි.

1972 දී විලියම් පියර්ස් රොජස් මහතාගේ පැමිණීමෙන් අනතුරුව නිල වශයෙන් සිදු කරන ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයෙකුගේ ප‍්‍රථම සංචාරය ලෙස සැළකේ.

2005 වසරේදී ඉන්දියානු සාගරයේ සිදුවූ සුනාමි ව්‍යසනයෙන් අනතුරුව රාජ්‍ය ලේකම් කොලින් පවල් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.

මෙහිදී මතුවෙන ප්‍රධාන ප්‍රශ්නය නම් මීට  පෙර පොරොන්දුවූ පරිදි  යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීම සඳහා අළුත් ආණ්ඩුව ප්‍රමාණවත් වැඩ කොටසක් ඉටු කොට ඇත්ද යන්නයි.

මේ සීයල්ල  කීම සඳහා ඇමරිකනුවෙක් එන තෙක් බලා  හිඳීම කණගාටුවට කරුණක් වුවත් යථාර්ථය වන්නේ බැහැරින් තල්ලුවක් ලැබුනේ නැතිනම් බකන් නිලා ගෙන සිටීම ජාතික සිරිතක් වී ඇති බවයි.

මෙහිදී මතුවන ප්‍රධාන ප්‍රශ්න කීපයක් වන්නේ

 

 * යුධ අපරාධ පිලිබඳ දේශීය යාන්ත්‍රණයට මොකද වෙන්නේ?
* පසුගිය කාලේ  රටින් පැනගිය ජන මාධ්‍යවේදීන්ට පහරදීපු ය තවමත් යහතින් මේ ගැන විමර්ශන කටයුතු ආරම්භ  කරනවාද?
*මහ පරිමාණ මුල්‍ය අපචාර විමර්ශනය ගැන තිබෙන  මන්දගාගමිත්වයට මොකද කරන්නේ?
*යහපාලනය ගැන කතා කරමින් තමන්ගේම ගජමිතුරු කමිටුවකින් මහ බැංකු අධිපතිවරයා පිරිසිදු කරගැනීම හරිද?
*දෙමළ බස පරිහරණය කිරීමට ඇති අයිතිය සනාථ කරනවාද?
ඉහත සඳහන් ප්‍රශ්න වලට නිසියාකාර පිළිතුරු දිය හැකි නම් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රීලංකාව මව ගෙන ඇති සාධනීය ප්‍රතිරූපය තවදුරටත් පවත්වා ගෙන යා හැකි වෙනු ඇත.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.