මංගල ගෙන් උගනිව්! යළිත් උගනිව්!

Mangala Samaraweeraපසුගිය සතියක පුවත් පත් තීරු ලිපියක මාතෘකාව වුයේ ‘මංගල ගෙන් උගනිව්” යනුවෙනි. එහි හරය වනුයේ දේශපාලන ගිරි දුර්ගතරණය කිරීමේදී මංගල සතු අයෝමය ශක්තියයි. කවර තර්ජන ආවත් තම මතවාදි ස්ථාවරය පාවා නොදී ජාතිවාදී පිලිමළුන් දමනය කිරීමේ අද්විතීය ගුණය ‘අද” පුවත් පතේ තීරු ලිපියෙන් ඉස්මතු කොට තිබින. එහෙත් මේ සතියේ තවත් යමක් ඉගෙන ගන්නට තිබෙන බව හෙළිදරව් විය.

ද්වේශ සහගත මඩ
ඒ ද්වේශ සහගත ලෙස මඩ ප්‍රහාරයක් එල්ල වූ විට විශ්වශනීය ලෙස ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්නයි.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමීර මනහර මහතා සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු සෙනසුරාදා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සෙනසුරාදා රාත්‍රී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට බාර දීමේ සිද්ධිය මංගල සමරවීර ඇමතිවරයාට සැළ කළ පොලිස් අධිකාරිවරයා පණිවිඩය අවසන් කළේ ‘සර්, මොකද්ද වෙන්ඩ ඕනේ’ යනුවෙනි. “වෙන්ඩ ඕනේ හරියටම නීතිය ක්‍රියාත්මක වෙන එකයි” යනුවෙන් පැවසු ඇමතිවරයා තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියෙකුගෙන් සිද්ධියේ ඇත්ත නැත්ත පැහැදිලි කරගත්තේය.

සමීර දීර්ග කාලයක් තිස්සේ කාර්ය මණ්ඩලයේ විශ්වාශවන්තව සේවය කළ අයෙකි. එහෙයින් ඔහු ගල්කිස්ස පොලීසියට ගොස් සිටිපෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියාට උපදෙසක් දුන්නේය“ අවශ්‍ය වෙතොත් නීති සහය ලබා දෙන්න. හැබැයි එච්චරයි. පොලීසිය හරියට පරීක්ෂන කළොත් ඇත්ත එළිවෙයි’ යැයි පැවසු ඇමතිවරයා රිසීවරය තිබ්බේය.

ආරංචියට තටු
‘මංගල ගේ ලේකම් කුඩු එක්ක පොලීසියට කොටු වෙලා’ ආරංචියට තටු ලැබින. මඩ පුවත් මාධ්‍ය වෙත යොමු කෙරින. මංගල ගේ පැවැත්ම ගැන දන්නා ප්‍රධාන ධාරාවේ කතුවරුන් හා සංස්කාරකවරුන් පුවත ලද සැනින්ම ප්‍රතික්ෂේප කළහ. ඔවුන්ට ඉතිරි වුනේ විමල් වීරවංශ ගේ අනුග්‍රහයෙන් පවත්වා ගෙන යන වෙබ් අඩවියක් පමණි.

ප්‍රධාන ධාරාවේ කතුවරුන් හා සංස්කාරකවරුන් කීප දෙනෙක්ම සමරවීර ඇමතිවරයාට කථා කොට පුවත් පත් නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියහ. ‘කලබල වෙන්න එපා අපි පොලිස් පරීක්ෂණ ඉවර වෙනකම් ඉමු’යැයි සමරවීර ඇමතිවරයා පැවසීය.

පසුදා වන විට රථයේ සිටි අයකු සතුව මත් ද්‍රව්‍ය තිබු අදාල සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද සිගරට් කාටුන් තුනක් ද හොයා ගත්හ. සමීර මනහර කර තිබු එකම දේ මෙම සැකකරු ගමන් ගත් රථයේ ගමන් කිරීම පමණි. මෙහෙයින් මත් ද්‍රව්‍ය සන්තකයේ තිබු සැකකරු පමණක් අත් අඩංගුවේ තබා ගැනින. සමරවීර ඇමතිවරයා තම මාධ්‍ය ලේකම් අසිත රාජපක්ෂට නිවේදනයක් නිකුත් කිරීමට උපදෙස් දුන්නේය.

සියළු මාධ්‍ය නිවේදනය ලද සැනින් එය ආරළු බුරළු නැතුව මුළු නිවේදනයම පල කළහ. තමන් ගේ මඩ ව්‍යාපාරය හේතුවෙන් සමරවීර ඇමතිවරයා තවත් ශක්තිමත් වූ බව දැනගත් පිරිස් තමන්ගේ ව්‍යාපාරය අකුලා ගත්තේ ලොකු තැනකින් හොඳවයින් දෙක තුනක් අසා ගැනීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් දේශපාලන සදාචාරය ගැන දැඩිව කල්පනා කරන සමරවීර ඇමතිවරයා මෙම විමර්ශන පුර්ණ වශයෙන් හමාර වන තුරු තම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයා සේවයෙන් බැහැරව සිටින සේ වග බලා ගත්තේය.

මේ දිනවල නම් මේ අත්දැකීමෙන් වැඩිපුරම ඉගෙන ගැනීමට ඇත්තේ මොනාක් වාසි කරුණානායකයන්ටය. ප්‍රශ්නයක් ඇති වූ විට එහෙන් මෙහෙන් වංගු දාන්නේ නැතුව ඊට කෙළින් මුහුණ දිය යුතුය. මංගල සමරවීර යළිත් ඉගෙන ගැනීමට ඇති පාඩම එයයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.