මංගල ගෙන් තවත් හයේ පාරක්

මුළු රටම ආවරණය වන පරිදි අධිවේගී අන්තර්ජාල පහසුකම් සැපයීම සඳහා ගුගල් ආයතනය සමග තවත් ඓතිහාසික ගිවිසුමක් අද (28) දින අත්සන් කරන ලදී.

මේ සමඟම අලුත් ආණ්ඩුවේ වඩාත් කාර්යක්ෂම  ඇමතිවරයෙක් ලෙස  මංගල පෙරට එද්දී දකුණු පළාතේ මනාප හොයන්නෙක් සහ මාධ්‍ය ප්‍රධානියෙක් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බධයෙන් දීර්ග සාකච්ඡාවක් කොට ඇත.විශේෂයෙන්ම මංගලගෙන් සිදුවිය හැකි දීර්ගකාලීන බලපෑම පිළිබඳව සලකා බලා ඔහු සමඟ සම්මුතියක් ඇතිකර ගැනීමේ වැදගත් කම පිළිබඳවත් කතා බහ වී ඇත.

  ඉහල උන්නතාංශයකින් සමන්විත බැලූන්.පයෝගී කරගනිමින් ගුගල් ලූන් ඔස්සේ ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක්ම ආවරණය කරමින් අන්තර්ජාලයට පහසුවෙන් ප්‍රවේශ වීමට හැකියාව ලැබෙනු ඇත.

සමස්ත රටම අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට  ශ්‍රී ලංකාව දැන් පිය නගනු ඇත.

ගුගල් සමාගම සමග එක්වී සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අන්තර්ජාල පහසුකම් සපයන ලෝකයේ පළමු රට ශ්‍රී ලංකාවයි.

ගුගල් බැලුම හැදෙන හැටි

[vsw id=”/HOndhtfIXSY” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

මෙම අවස්ථාව අමතා මංගල සමරවීර මහතා මෙසේ කීය.

තත්වය එසේ වුවද, බොහෝ ශ්‍රී ලාංකිකයන් හට තවමත් අන්තර්ජාල පහසුකම නැත. රජය විසින් තම දින 100 යේ වැඩපිළිවෙළ තුල ජනතාව නිරන්තරයෙන් ගැවසෙන ප්‍රසිද්ධ ස්ථාන අරඹයා නිදහස් wi-fi කලාප 150 ක් ඇතිකිරීමට පියවර ගන්නා ලදී. නමුත් එය ප්‍රමාණවත් නොවේ. මින් මතුවට “මාතර ආවරණය කරන ලදී, යාපනය ආවරණය කරන ලදී” වශයෙන් දැන්වීම් ඉතිහාසයේ මතක සටහන් පමණක් වනු ඇත.

අද දින ගූගල් සමාගම සමඟ අත්සන් තබන මෙම ගිවිසුම හරහා ‘ගුගල් ලූන්’ තාක්ෂණය ඔස්සේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා සමස්ථ ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි පහසු මිලට අධිවේගී අන්තර්ජාල පහසුකම ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන් හට උදාවීම සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම ඉතාමත් ආඩම්බර වෙමි. එමගින් සමස්ත රටම ජාල සම්බන්ධතාවයෙන් ආවරණය වූ ලෝකයේ පළමු රට බවට ද ශ්‍රී ලංකාව පත්වනු ඇත.

 

 

හිතවතුනි, ඒ අනුව බාහිර ලෝකය හා එකිනෙකා අතර ඇති සබඳතාවය යලිත් ගොඩනගාගැනීමේ මාවතට ශ්‍රී ලංකාව අවතීර්ණ වී ඇති බව අවසන් වශයෙන් මා ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. “ශ්‍රී ලංකාව ආවරණය කරන ලද බව” තව මාස කිහිපයකින් අපට සැබවින්ම  පැවසීමට හැකි වනු ඇත.”

http://www.google.com/loon/

 

ගූගල් ලූන් (Google Loon) නමින් හැදින්වෙන අන්තර්ජාල පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙහි පෙර පරීක්ෂණයක් ස්වීට්සර්ලන්තයේදී සිදුකළත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පළමු රට වශයෙන් ශ්‍රී ලංකාව නම් කළ බව මීට සුළු මොහොතකට පෙර ගූගල් නිවේදනය කළා. ගූගල් සමාගමේ මයික් කැසිඩි  සදහන් කළේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බවයි. මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි. කෙසේ නමුත් නුදුරේදීම අපට අන්තර්ජාලය සම්බන්ධයෙන් නව අත්දැකීමක් ලැබීමට හැකිවේවි..
අපි බලමු මොකද්ද මේ ගූගල් ලූන් (Google Loon) කියන්නේ කියලා. ඔබ දන්නවා අපි ජීවත් වන පෘතුවිය ගෝලාකාර බව. එම ගෝලාකාර බව සාධකයක් කරගෙන 20 වැනි ශතවර්ශයේ අවසානයේදී ශ්‍රී ලාංකික ආතර් සී ක්ලාක්ගේ සංකල්පයක් අනුව පෘතුවිය වටා ඉහළ අහසේ රැදවූ චන්ද්‍රිකා 3කින් මුළු ලෝකයම ආවරණය වන සන්නිවේදන ජාලයක් නිර්මාණය කළා මෙම ගූගල් ලූන් (Google Loon) ව්‍යාපෘතියත් එම සංසිද්ධිය පාදක කරගෙනයි ක්‍රියාත්මක් වන්නේ. පෘතුවි පෘශ්ඨයෙන් කිලෝමීටර 20 ක් එපිටට බැලූන් රැදවීමක් කරනවා. බැලූනය යා යුත්තේ කොතනකටදැයි යන්න තීරණය කිරීම සඳහා මෘදුකාංහ භාවිත කෙරේ.
මේ ආකාරයෙන් මුළු ලෝකයම ආවරණය වෙන ආකාරයෙන් බැලූන් ස්ථානගත වේවි. එම බැලූන් දෙකක් නිතරම එකිනෙකට සම්බන්ධ වන අතර ඒ හේතුවෙන් දැලක් ආකාර ජාලයක් නිර්මාණය වේ

 

 

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.