මංගල ගේ කළු පොතේ නිළධාරීන් 219 ක්

 

 

dd

 

ඔබ විසින් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙනි කළු‍පොතක් සකස්කර ගෙන යන බවක් ඔබ මෑතකදී ප්‍රකාශයට පත්කර තිබුණා. එමගින් අදහස් කරන්නේ තමන්ගේ අදහස් නොපිළිගන්නා රාජ්‍ය සේවකයන් පිරිස ලබන 9 දායින් පසු බිහිවන බව කියන මෛත්‍රී පාලනයක් යටතේ දඩයම් කිරීමටද?
මුලින්ම කියන්න ඕනෑ ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන නියෝගවලට අනුව ක්‍රියාත්මක වන සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ට එමගින් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ. ඒත් තමන් යටතේ සිටින රාජ්‍ය සේවකයන්ට නීතියට පිටින් නියෝග දෙන උසස් නිලධාරීන්ගේ තොරතුරු තමයි අපි ඒ කළු‍පොතට ඇතුළු කර ගැනෙන්නේ.

හොඳයි, අපි සිතමු යම් රාජ්‍ය සේවකයන් පිරිසක් රාත්‍රී කාලයේ දේශපාලන ‍පෝස්ටර් අලවනවා කටවුට් ඉදි කරනවා කියා සමහර විට ඔවුන් ඒ සඳහා අතිකාල ගෙවීම් පවා ලබා ගන්නවා ඒ අයගේ නම් පවා මේ කළු‍පොතට ඇතුළත් කෙරෙනවාද?
කොහෙත්ම නෑ. මොකද ඒ අය කරන්නේ තමන්ගේ උසස් නිලධාරීන්ගෙන් ලැබෙන නියෝගවලට අනුව කටයුතු කිරීම පමණයි සමහර විට ඔවුන් එහෙම නොකෙරුවොත් ඒ අයගේ රැකියා පවා නැතිවෙන්න පුළුවන්. ඒ නිසා අහිංසකයන්ට ප්‍රශ්නයක් ඇති නොවුණත් එසේ කරන ලෙස ඔවුන්ට උපදෙස් දුන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටයි අපි බලා‍පොරොත්තු වෙන්නේ. දැනටමත් එවැනි දූෂිත නිලධාරීන් 219ක තොරතුරු අප වෙත ලැබි තිබෙනවා. ඉදිරියට තවත් නම් එකතුවේවි.

ඔබ ඔය සූදානම් වන්නේ රාජ්‍ය සේවකයන් බිය ගන්වා ඔවුන්ගේ සහයෝගය රජයට ලැබිම වළක්වන්නද?
රාජ්‍ය සේවකයන් බිය ගන්වා ඔවුන්ගේ සහයෝගය රජයේ පාර්ශ්වයට ලැබිම වළක්වන්න අපට අවශ්‍ය නෑ. අපි එහෙම කරන්නෙත් නෑ. ඒත් අපි කියන්නේ රාජ්‍ය සේවකයන් නීතියට පිටින් කටයුතු කිරීම වැරදි බවයි. දැන් බලන්න ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පිරිසක් පසුගිය දිනවල මාතර නගරයට ගෙන්වා ගෙයින් ගෙට යවමින් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපාරයට යොදවා ගෙන තිබුණා. ඒ අයට අතිකාල දීමනා පවා ගෙවා තිබුණේ ජාතික තරුණ සේවා සභාවෙනුයි.

LAKBIMA

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.