මංගල පුවත් මවයි

mangala-samaraweeraමුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා මෙම මැතිවරණයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙක් එක්සත් ජාතිකත පක්‍ෂයේ පසු පෙල මන්ත‍්‍රීවරුනට ගැටළුවක් වී ඇති බව විමල් වීරවංශ ගේ ලංකා c news වෙබ් අඩවිය පවසයි.

මැතිවරණ කාලය අතරතුලදී ඇමතිවරයා විදේශ ගතවී සිටින් බව වෙබ් අඩවිය වාර්තා කළත් එය වැරදිය. ඔහුගේ ලේකම් අසිත රාජපක්ෂ පවසන්නේ මංගල මාතරට වී මැතිවරණ කටයුතු වල නිරත වන බවයි.මංගල මේ මොහොතේ තරමක නිහැඬියාවක පසුවෙන බව සැබෑවකි.

දේශපාලන පෙළ ගැසීම්

දැනට සිදුවෙන දේශපාලන පෙළ ගැසීම් වලට අනුව මංගල තනතුරු හොයාගෙන යෑම කෙසේ වෙතත් නව භූමිකාවක් මංගල හොයා ගෙන එන බව දේශපාලනය පිළිබඳව හය හතර දන්නා ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි.

බැදුම්කරය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය මුහුණ දෙන තෙරපුම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණ වලදී ලබන පසුබෑම හමු වේ නව හිඩැසක් ඇතිවෙනු ඇත. මේ හිඩැස දෙයාකාරයකට පිරවිය හැකිය.

මහින්ද , බැසිල්, ගෝඨාභය තුන්කට්ටුවට තම රෙජීමයේ සගයින් හ කැටුව මේ හිඩැස පිරවිය හැකිය. ඒ රෙජීමයේ රඟ දන්නෝ සියල්ල එක පිළකට වී තමන්ට ගැලපෙන නායකත්වක් සමඟ අළුත් ගමනකට මුල පිරිය හැකිය. එහිදී වාද-භේද දුරලා වැඩ කිරීමට සිදුවෙනු ඇත. ඒ වැඩ පිළිවෙලට නායකත්වය දීමට හැකි අය අතර මංගල ඉදිරියෙන්ම සිටී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.