මංගල සන්නිවේදන හරඹයට සුදානම්……….

mangala-samaraweera-1සම්පාදනය කළයුත්තේ ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුකූලව බවත් ඔහු අවධාරණය කළේ විදේශීය මාධ්‍ය ආයතනවලට සේවය කරන මාධ්‍යවේදීන් සමග පැවති හමුවකදී කරුණු දක්වමිනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ජනමත විචාරණයකට මුහුණදීමට ආණ්ඩුව සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය.

මේ වන විට ආණ්ඩුවේ සන්නිවේදන ක්‍රමෝපාය දුර්වල තත්වයක පවතින අතර මේ තත්වය යටතේ ජන මත විචාරනයකට යෑම දේශපාලන සියදිවි නසා ගැනීමකට හේතු විය හැකි බව දේශපාලන විචාරකයින් පවසති. ආණ්ඩුවේ දේශපාලන සන්නිවේදන අංශ යළිත් පණ ගැන්වීමේ කාර්ය හිටපු මාධ්‍ය ඇමතිවරයෙක් වන සමරවීර මහතාට පැවරීමට නියමිත බව පසුගියදා වාර්තා විය.

ජන මත විචාරණයට ගියත් නැතත්

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මීළඟ සැසිවාරයේ ඉහළ පෙළේ සාකච්ඡා පෙබරවාරි 27 වෙනි දින ආරම්භවීමට නියමිත අතර එහිදී කල් ඉල්ලා සිටීමේ තුරුම්පුවක් ලෙස ව්‍යවස්ථා වෙනස භාවිතා කරන්නට යන බව පෙනෙන්නට තිබේ. මේ නිසා ආණ්ඩුව ජන මත විචාරණයට ගියත් නැතත් එසේ කරන බව හෝ කිරීමට උත්සාහ කරන බවක් පෙන්වන්න්නට සිදු වී තිබේ.

සියල්ලට පළමුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම කෙරෙහි මූලික අවධානය යොමුකළ යුතුව තිබෙන බව ඇමතිවරයා පැවසීය. මේ යෝජනා වලට නැගෙන විරෝධය ප්‍රයෝජනයට ගනිමින් ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කටයුත්තෙන් සම්පුර්ණයෙන්ම බැහැර වීමට ඉඩ තිබේ. මේ කටයුතු මෙහයවීම සඳහා සන්නිවේදන හරඹ කිරීමේ ශුරයෙක් අවශ්‍ය වී තිබේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.