මංගල සුපුරුදු නින්දේ-හිටපු ඇමරිකානු තානාපති ජාලිය ගැන නිහඬයි

jaliya

පසුගිය ආණ්ඩු කාලයේදී රාජපක්ෂ ආණ්ඩුවට එරහිව කෙළින් නැගේ සිටීමේ හේතුවෙන් ආණ්ඩුවෙන් අයින්වූ මංගල සමරවීර  පසුකාලීනව කිය සිටියේ සැම කල්හිම තමන් මහින්ද රාජපක්ෂ හා සහෝදරත්වයෙන්  ගනුදෙනු කල හැකි බවයි දැන් මේ සහෝදරත්ව ගනුදෙනුව නියමෙට ක්‍රියාත්මක වන බව පෙනී යයි. මේ අනුව ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සහ තානාපති කාර්යාලයේ සිටින තානාපතිවරයාගේ හිතවතුන් පිරිස විසින් කරන ලද අක්‍රමිකතා යටපත් වන්නට හැර මුනිවත රකිමින් සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොහොයුරෙකු වන, ජාලිය වික්‍රමසූරිය විසින් ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් සේවක කළ කාලය තුල සිදුකරන ලද අක්‍රමිකතා රැසක් පෙන්වා දෙමින්, ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට ලිපියක් යොමුකර තිබේ.මේ මගින් හෝ සමරවීර ඇමතිවරයාගේ නිද්‍රාව අවසන්වෙතැයි ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ප්‍රාර්ථනා කරති.

 

මෙම අයථා ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශණයක් සිදුකර ශ්‍රී ලංකාවට අහිමි වූ කීර්තිනාමය නැවත ලබා ගැනීමට කටයුතු සලසන  ලෙස එම ලිපිය මගින් තවදුරටත් අමාත්‍යවරාගෙන් ඉල්ලා ඇත.

එම ලිපියේ සිංහල අනුවාදය පහතින් පලවේ.

2015 පෙබරවාරි 01
අමාත්‍ය මංගල සමරවීර
විදේශ අමාත්‍යංශය
කොළඹ
ශ්‍රී ලංකා

මහත්මයාණනි,
ස්වාධීන විමර්ශනයක් ඉල්ලා සිටීම
තානාපති කාර්යාලය රාජ්‍යක් නියෝජනය කරයි. එසේම දේශපාලනමය සහ ව්‍යාපාරික  මිත්‍රත්ව සබඳතා පවත්වා ගනිමින්  රටේ ප්‍රතිරූපය සහ ගෞරවය ගොඩ නගනු ලබයි.  ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතා සහ තානාපති කාර්යාලයේ සිටින තානාපතිවරයාගේ හිතවතුන් පිරිස විසින් කරන ලද අක්‍රමිකතා ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලංකා ප්‍රජාව වශයෙන් අපි දැක ඇත්තෙමු. අපි අසා ඇත්තෙමු. ජාලිය වික්‍රමසූරිය  විසින් සිදුකරන ලද අක්‍රමිකතා සහ ක්‍රියාවන් කොටසක් මෙහි ලා සඳහන් කරමු.

ඔබ නව රජයේ විදේශ අමාත්‍යවරයා වශයෙන් මේ සම්බන්ධව විමර්ශණයක් සිදුකර,  වංචා කළ මුදල් නැවත අයකර ගනිමින් ශ්‍රී ලංකාවේ සුභ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක වී එහි ප්‍රතිරූපය ආරක්ෂා කරන්නේ නම් අප කෘතඥ වෙමු.

සියලු දෙනාම දන්නා පරිදි හිටපු තේ රස බලන්නෙක් වන ජාලිය වික්‍රමසූරිය නාලන්දා විද්‍යාලයේ ශිෂ්‍යෙයකු වන අතර  අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල දක්වා පමණක් ඉගෙනුම ලැබූවෙකි. ඔහු 2008 වසරේ ඇමරිකාවේ තානාපතිවරයා බවට පත්විය. ඔහු ඉංග්‍රීසි භාෂාවේ නිපුනයෙකු නොවේ. චතුර ලෙස ඉංග්‍රීසි හැසිරවිය නොහැක. තානාපති ධූරයට පත්වීමට ඇති එකම සුදුසුකම හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සොයුරෙකු වීමයි.

‘ස්ටෑන්ඩර්ඩ් ට්‍රේඩින්’ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත්වීමට පෙර ‘MFJ එක්ස්පෝට්’ සමාගමේ තේ රස බලන්නා ලෙස වසර 17 ක් සේවය කර ඇත. 1999 දී ජාලිය වික්‍රමසූරිය ඇමරිකාවට පදිංචියට ගියේය. ඉන්පසුව ‘සිලෝන් රෝයල් ටී’ නම් ව්‍යාපාරය කරගෙන ගියේය. වසර 21 කට අධික කාලයක් එම සමාගම පවත්වාගෙන ගියද ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බදු මුදලක් ගෙවා නැත.

තොරතුරු අනුව ජාලිය වික්‍රමසූරිය ඉතා විශාල වංචා ප්‍රමාණයක් සිදුකර තිබේ.

1.3025, වයිට් හේවන් ස්ට්‍රීට්, වොෂින්ටන් 20008 යන ලිපිනයට අයිති ගොඩනැගිල්ලක් ඇමරිකානු ඩොලර් 350,000ක් විදයම් කරමින් ශ්‍රී ලංකා තානාපති නිවස සඳහා මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුකර ඇත. වසර 62 ක් පැරණි , නිදන කාමර 7 කින් සමන්විත මෙම ගොඩනැගිල්ල 2013 වසරේ ජනවාරි මාසයේ ඇමරිකානු ඩොලර් 6, 250, 000 ක මුදලකට මිලදී ගෙන ඇත. නමුත් තානාපතිවරයා විසින් මේ ගොඩ නැගිල්ල මිලදී ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 6,600,000කට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. මෙහිදී ඇමරිකානු ඩොලර් 350,000ක් ජාලිය විසින් වංචා කර තිබේ.

2.තානාපති කාර්යාලයේ නිලධාරීන්ට නවාතැන් ගැනීමේ මුවාවෙන් ශ්‍රී ලංකා රජයෙන් මුදල් අනුමතකරවාගෙන ඔහුගේ ගරාජයට වැසිකිලියක් සෑදීමට සහ වායුසමීකරණයක් මිලදී ලබා ගැනීමට ඒ මුදල් වැය කර ඇත. ඉතිරි වූ මුදල් ඔහුගේ සාක්කුවටය.

3.ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා තානාපති කාර්යාලය විසින් මසකට ඇමරිකානු ඩොලර් 3500 බැගින් වසර 7 ක් තිස්සේ ඇමරිකානු නීතිඥ ආයතනයක් වන ‘පැටන් බෝග්ගස්’ සමාගමට ගෙවා ඇති බව වාර්තා වේ. විනෝද් බස්නායක නැමැත්තා ‘පැටන් බොග්ගස්’ සමග මෙම ගණුදෙනුවේදී අතරමැදියා ලෙස ක්‍රියාකොට තිබේ. මෙසේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඇමරිකාව තුල ගොඩ නැගීමට උපදේශක ආයතනයක් අවශ්‍යද? එය තානාපතිවරයාගේ නොහැකියාව නොවේද? මෙම තවත් ජාලියගේ මුදල් ගරා ගැනීමක්ද? ලියුම් කීපයක් කෙටුම් පත් කිරීමට අමතරව මෙම පැටන් බොග්ගස් විසින් ලැබූ ප්‍රයෝජනයක් හෝ ප්‍රතිරූපය ගොඩනැගීමක් වූයේ නැත.

4.එකල තානාපති කාර්යාලයේ ලිපි කාරිණියක් වශයෙන් සේවය කළ යමුනා කල්දේරා ( දැන් විදේශ අමාත්‍යංශයේ සේවය කරන) සමග එකතුව තානාපති කාර්යාලය සතුව තිබු ගෘහභාණ්ඩ සහ වටිනා කියන දේවල් සම්බන්ධයෙන් බොරු ලැයිස්තුවක් සකස් කර එම භාණ්ඩ ජාලියගේ දියණියගේ වොෂිංටන් හි පිහිටි නිවසට තානාපති කාර්යාලයේ සේවකයන් යොදවා ප්‍රවාහනය කර ඇත.

5.තානාපති කාර්යාලයේ උයන සකසන්නාට අමතර මුදලක් ගෙවමින් ඔහුව කෙටි කාලීන කොන්ත්‍රාත් පදනමට  ජාලියගේ මිතුරෙකුට ලබා දී ඇත.

6.වීසා කාණ්ඩ A2 යටතේ ජාලිය වික්‍රමසූරිය විසින් මිනිසුන් ඇමරිකාවට ගෙනඒමේ ජාවාරමක් සිදු කලේය. එහිදී එක් අයෙකුගෙන් රුපියල් 1,500,000 ලබා ගෙන ඇත. මෙසේ ගෙන එන ලද එක් කාන්තාවක් ඔහුගේ ඥාතියෙකු වන ඩඩ්ලි රාජපක්ෂගේ ටෙක්සාස් නිවසේ සේවය කරමින් සිටී.

7.ජාලියගේ පුත්‍රයාගේ මෝටර් රථය සඳහා වූ මාසික ගෙවීම කරනු ලැබුවේ තානාපති අරමුදල් වලිනි.

8.ජේෂ්ඨ නිලධාරීන්ගේ කමිටුව සඳහා ජාලිය වික්‍රමසූරිය විසින් ඉදිරිපත් කළ වත්කම් ප්‍රකාශයේ පරස්පරයන් ඇත. ඔහු එම ප්‍රකාශයේ සඳහන් කර ඇත්තේ  ඔහුට සහ ඔහුගේ බිරිඳට ඇති වත්කම් ප්‍රමාණය මුදලින් ඇමරිකානු ඩොලර් 3820 පමනක් බවයි. තානාපතිවරයාට අයත් ඇමරිකාවේ ඇති මෝටර් රථ 3 හි  වටිනාකම් ඇමරිකානු ඩොලර් 60,000 ඇඩො. 50,000 සහ ඇ.ඩො. 18000ක් වේ. එසේම ඔහුට අයත් නිවාස හෝමාගම, මැක්ඩොනොව්, ජෝජියා (සන්ඩේ ලීඩර් පුවත්පත් වාර්තාවට අනුව 2005 වන විට ජෝජියාවේ ජාලියට අයත් නිවාසයේ වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් 291,300කි) පිහිටා ඇත. ඔහුගේ මෝටර්රථවල වටිනාකම (ඇ.ඩො. 128,000) සැලකීමේදී මෙතරම් කුඩා මුදලක් ඔහුගේ මූල්‍යමය වත්කම වීමට කිසිදු හැකියාවක් නැත.

9.තානාපති ධූරයේ කටයුතු නොසලකා හරිමින් තමාගේ තේ ව්‍යාපාරයේ කටයුතු පමණක් ජාලිය විසින්කරගෙන ගිය බව තොරතුරු අනාවරණය වේ. තානාපති කාර්යාලයේ තිබූ දේපල සහ නිලධාරීන් අයථා ලෙස යෙහෙන් යොදා ගනු ලැබීය.
උදා
10. තානාපතිවරයාගේ පුද්ගලික සහායක ලෙස කටයුතු කරනු ලබන නිලධාරියා ඔහුගේ කල් ඉකුත් වූ තේ වල ලේබල් මුද්‍රණය කිරීමට යොදා ගනු ලැබීය. ඉන්පසු මෙම තේ නැවත ඇමරිකානු වෙළඳපොලට නිකුත් කලේය.

11.2013 වසරේදී එවක අග්‍රාමාත්‍ය දි.මූ ජයරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා බෝල්ටිමෝර් හි ‘ජෝන් හොප්කින්ග්’රෝහලකට ඇතුලත් කලේය. ජාලිය විසින් ජයරත්න මහතා තානාපති නිලධාරියෙක් ලෙස පෙන්වීමට ලිපිගොනු සකස් කරනු ලැබීය. ඉන්පසු සෞඛ්‍ය රක්ෂණ සමාගමෙන් ඒ සඳහා මුදල් ආපසු අයකර ගත්තේය. තානාපති කාර්යාලය විසින් අගමැතිවරයාගේ බිල්පත් ඇ.ඩො. 50,000ක් ගෙවා දමන ලදී. රක්ෂණ සමාගම විසින් ගෙවනු ලැබූ මුදල් ජෙනෆර් නමින් හඳුන්වන ඇමරිකානු පුරවැසි ජීනාගේ ගිණුමේ තැන්පත් කලේය. එම මුදල් පසුව ජාලිය ඇයගෙන් ලබාගනු ලැබීය. ජීනා නැමැත්තිය ජාලියගේ ව්‍යාපාරික කටයුතු තානාපති කාර්යාලයේ සිට පවත්වා ගෙන ගිය තැනැත්තියයි.

ජාලියගේ පිහිටෙන් ලාභ ප්‍රයෝජන ලබාගත් නිලධාරීන්
කමලින් අශෝබෝන් – ඇය මුලින් සියළුම දීමනා සහිත පදනමට  ඇමරිකාවේ සේවයට ගොස් ඇති අතර  පසුව වැටුපට සීමාවන පදනමට  වෙනස් කර තිබේ. මෙම තැනැත්තිය නිවසක් උකසට ගෙන එයට ව්‍යාජ ලිපිලේඛණ සකසමින් පසුව නිවාස කුලිය ශ්‍රී ලංකාවෙන් අයකර ගනු ලැබීය.

රුක්ෂානි පෙරේරා  සහ සජීවිකා පෙරේරා – මේ දෙදෙනා සියලුම දීමනා සහිතව කටයුතු කරන පදනමට සහ වැටපුට සීමාවූ පදනමට සේවය කර ඇත.  ප්‍රසන්න වික්‍රමසූරියගේ ඥාතීන් වන මේ දෙදෙනා

දමිත් ද සිල්වා  – ජාලියගේ සියළු කුණුවලට කර ගැහුවේ මොහුය.

ජාලිය වික්‍රමසූරිය විසින් සිදුකරන ලද අක්‍රමිකතා සම්බන්ධයෙන් වූ සාක්ෂි ඕනෑ තරම් තානාපති කාර්යාලයේ ලිපිගොනු වල ඇති බව තානාපති කාර්යාලයේ නිලධාරීන් පවසයි. නව දේශපාලනය විසින් ජාත්‍යන්තර තක්කඩින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

මෙයට

ඇමරිකාවේ සිටින ශ්‍රී ලාංකිකයින්

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.