මගේ පුතාලා අනුන්ගේ නෝනලා ගේ පිටේ නගීන්නේ නැහැ -මහින්ද රාජපක්ෂ

අනුන්ගේ නෝනලාගේ ඇඟ උඩ නගිනවාට වඩා අශ්වයින්ගේ පිට උඩ යාම හොඳ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ වීදුරු ගෙවල් වල හිඳ ගල් ගසන්න එපා යැයි විපක්ෂයට අවවාදයක් කරමින්.

කුලියාපිටියේ පැවති රැස්වීමේදී තමන් මැදමුලනින් යැයි අමතක නොඅකරන ලෙස කියා සිටියේය.

තම දරුවන්ට එංගලන්තයෙන් අශ්වයන් ගෙනැවිත් දුන්නේ යයි පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කර ඇති චෝදනාවන්ට පිළිතුරු දෙමින් පාසිකුඩා හිදී ඉහළ පොලිස් නිලධාරියෙකුගේ
බිරිඳට මෛත‍්‍රිපාල සිරිසේන මහතා ගේ පුතා අයුතු බලපෑමක් කරන්න ගත් උත්සාහය මතක් කළේය.

තමාගේ පුතාව හදාගන්න නොහැකි මෛත්‍රීපාල මහතා රට හදන්නේ කෙසේ දැයි මෙයට මාස කිහිපයකට ඉහත දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ අමානුෂික පහරකෑමට ලක් වූ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්කසාර්ද පසුගිය දා ආණ්ඩු පක්ෂයට එක්විය.

[vsw id=”/ga_18gdiYR8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

පාසිකුඩා සිද්ධිය

මෙම සිදුවීම පිළිබද දිවයින පුවත්පතේ වැඩි දුරටත් වාර්තා වී තිබුනේ මෙසේයි.

“ලේලියගේ ඡායාරූප ගැනීමට විරුද්ධ වූ නිසා පුතාට පහර දීලා” – නියෝජ්‍ය පොලිස්‌පති වෛද්‍යාලංකාර

“පාසිකුඩා මුහුදු වෙරළේදී ඇමැතිතුමාගේ පුතා මගේ ලේලියගේ ඡායාරූපයක්‌ ගැනීමට යද්දී පුතා ඊට විරුද්ධ වෙලා. ඒ නිසා ඔහුට මෙසේ පහර දී තිබෙනවා” යෑයි පහරකෑමට ලක්‌ වූ තරුණයාගේ පියා වන නියෝජ්‍ය පොලිස්‌පති රවි වෛද්‍යාලංකාර මහතා ඊයේ (25 දා) “දිවයින” ට පැවසීය. ප්‍රසිද්ධියේම මෙම පහරදීම සිදුවී ඇතැයි පැවසූ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මේ නිසා තම පුතාගේ හිස මත ගැට මතු වී තිබූ බව ද පැවසීය.

“මම ඩීඅයිජීගේ පුතා කියා පහර දුන්නා
” – ඇමැති පුතාගේ මිතුරෙක් කියයි

“මම ඩී. අයි. ජී. ගේ පුතා කියමින් නැගෙනහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුතා ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතාට පහර දුන්නා” යෑයි එම අවස්ථාවට මුහුණදුන් ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පුතාගේ මිතුරෙක් “දිවයින” ට පැවසුවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීය.

“ඇමැතිතුමාගේ පුතා අපේ ඡායාරූප ගත්තා. ඒ අවස්ථාවේදී මම ඩී. අයි. ජී. ගේ පුතා උඹ ඇයි අපේ පින්තූර ගත්තේ” යෑයි කියමින් ඇමැතිතුමාගේ පුතාට පහර දුන්නා. 

”අපි ඔයාලගේ පින්තූර ගත්තේ නෑ” කියල ඇමැතිතුමාගේ පුතා කැමරාවේ ඡායාරූප පෙන්නුවා. ඒත් ඔහු ඇමැතිතුමාගේ පුතාට පහර දුන් නිසා අපේ කට්‌ටියත් ඔහුට පහර දුන්නා. ඉන්පසු ඇමැතිතුමාගේ පුතා පොලිසියේදී කැමරාවෙ ඡායාරූප පෙන්නුවා. පොලිස් නිලධාරීන් පරිගණකයට දාලා ඡායාරූප පරීක්‍ෂා කළා. ඒ ඡායාරූපවල ඩී. අයි. ජී. ගේ පුතා හෝ ඔහු සමඟ දිය නාමින් සිටි කිසිවකු සිටියේ නෑ. ඒ අවස්‌ථාවේදී තමයි මම මෛත්‍රිපාල සිරිසේන ඇමැතිතුමාගේ පුතා කියලා දහම්… පොලිස්‌ නිලධාරීන්ට කිව්වේ. ඒ අවස්‌ථාව වෙනතුරු දහම් කිව්වේ නෑ එයා ඇමැතිතුමාගේ පුතා කියලා…

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.