මට එරෙහි ඇවන්ගාඩ් නඩු එපා – ගෝඨාභය

gotabhayaගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වා ගෙන යාමට ඇවන්ගාඩ් සමාගමට අනුමැතිය දීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කර ඇතැයි කියමින් තමන්ට එරෙහිව අල්ලස් ⁣කොමිසම ⁣පැවරු නඩුව විභාගයට ගැනීම අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (23) අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන අයදුම්පතක් ගොනු කළේය .

අල්ලස් හෝ දූෂන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මෙහි වගඋත්තරකරු ලෙස නම් කර සිටිති. මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවට පෙත්සම්කරුවන් ඇතුළු පිරිස මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළත් එම මූලික විරෝධතාවය ඉවත දමනු ලැබීය.

එම නියෝගයෙන් අගතියට පත් පෙත්සම්කරු ඇතුළු පිරිස ඊට එරෙහිව කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන අයදුමක් ඉදිරිපත් කෙරිණි. එම ප‍්‍රතිශෝධන පෙත්සම ද ප‍්‍රතික්ෂේප කෙරිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.