මඩු අභය භූමියේ පෙරියමඩු රක්ෂිතයත් වනසයි

 

210

මන්නාරම මඩු පාර අභය භූමිය ආසන්යේ පිහිටි පෙරියමඩු රක්ෂිතයේ ද මහා වනය කපා ජනපද ඉදිකරගෙන යයි. රජයේ ඇමැතිවරයකු මීට මුල්වී සිටිතියි කියති.

මෙම දැවැන්ත වන විනාශය මන්නාරම මඩු දේවස්ථානයේ සිට කිලෝ මීටර් 30ට ආසන්න දුරකින් පිහිටි පෙරිය මඩු රක්ෂිතයේ සිදුවෙමින් පවතින්නේ බරපතල ආකාරයෙනි.  දැනටම එහි ස්ථිර නිවාස දෙසීයයකට ආසන්න ප්‍රමාණයක් ඉදි කර ඇත. තවත් නිවාස රැසක් ඉදිකැරෙයි.

පෙරිය මඩු නැගෙනහිර රක්ෂිතයේ   වසර සීයකට වැඩි දැවැන්ත පලු, වීර, බුරුත, කළුවර ඇතුළු දැවැන්ත ගස් කපා දමා වනයේ  ඉරන බව ද කියති.

එහි පදිංචිකරුවන් පවසනුයේ ප්‍රාදේශීය ලේකම් මගින් අක්කර භායගයක් දී ඇති බවයි. එහෙත් අක්කරයක් කැලේ කපා ගන්නැයි ඇමැති කී බව පදිංචිකරුවෝ කියති.

 වන ජීවි අධ්‍යක්ෂ ජනරාල් එච්.ඩී.රත්නායක මහතා මෙසේ කියයි.

‘ඔය කියන ප්‍රදේශය පෙරියමඩු පාර අභය භූමියට අයිති නෑ. කියලා තමා අපේ නිළධාරින් මට තොරතුරු දීලා තියෙන්නෙ නමුත් ඔය පෙරිය මඩු නැගෙනහිර ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයිති එකක්ද කියලා මම දන්නෑ. නමුත් මම නිළධාරින්ට උපදෙස් දුන්නා මේ පිලිබදව නිරතුරුව සෝදිස්සියෙන් ඉන්න කියලා. කොහොමත් ඔය කියන ප්‍රදේශය අපිට පවර ගන්න අපි කටයුතු කරනවා.‘ 7(194)

 

 

 

 

 

 

 

වන සංරක්ෂණ අධ්‍යක්ෂක ජනරාල් එස්.ඒ.අනුර හතුරුසිංහ මහතා මෙසේ කියයි.

‘ඔය කියන ප්‍රදේශය අපිට අයත් ප්‍රදේශයක් කියලා තමයි දැනට තොරතුරු ලැබි  තියෙන්නෙ. මේක පෙරියමඩු නැගෙන හිර රක්ෂිතයට අයත් කැලෑව කියලා තමයි දැනට තොරතුරු ලැබෙන්නෙ. මේ සම්බන්ධව අපි සොයා බැලීමක් කර  තියෙනවා එහිදී තහවුරු වුණේ. මෙහි වන විනාශයක් සිදු වෙනවා කියලා. හැබැයි ඔතන පරණ ගම්මානයක් කියලත් අපිට තොරතුරු තියෙනවා. නමුත් ඝණ කැලෑව දිහා බලපුහාම අපිට ඒක ගැටළුවක් වෙලා තියෙනවා. කොහොමටත් ජනාධිපතිතුමා මේ වෙද්දි මේ සියලු කටයුතු නතර කරන්න කියලා නියෝග දීලා තියෙද්දි අපි ඒ ගැන නිතර සෝදිස්සියෙන් ඉන්නෙ අද සවස (11) මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඊට පස්සෙ ඉතුරු තොරතුරු දෙන්නම්.‘

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.