මත්තල මොණරු සිය ගණනක් මරා දාලා -මෛත්‍රි

DSC0471

 

 

 

හිතුමතේට දකුණේ ගුවන් තොටුපළක් හදා මොනරුන් සිය ගණනක් මරා දමා ඇතැම් මහා පරිමාණයේ යෝජනා ක්‍රමවලින් රටට ජනතාවට ලොකු හානියක් සිද්ධ වුණා. පරිසරය නැසුණා. කැලෑව නැතිවුණා. ඒ කළ අය කවුදැයි මා නම් කියන්නේ නෑ. ඔවුන්ගේ සිත් රිදෙන නිසා. මෛත්‍රිපාල සිරිසේන ජනපති මැදිරිගිරිය වටදාගේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කළේය.

‘ව්‍යාපාරිකයන් ජාවාරම්කරුවන් හා වැරදිකරන දේශපාලනඥයන් සමග මගේ ඇයි හොඳයියක් නෑ. මා කැමති වැරදි නොකරන අය සමග ගනුදෙනු කරන්නයි. යූඇන්පී ශ්‍රී ලංකා භේදයක් මට නෑ. කිසිම දේශපාලන බේදයක් නෑ. මා කාගෙත් ජනපති. වැරදි කරන අයට ආශිර්වාද කරන්නේ නෑ. ආශිර්වාද කරන්නේ හොඳ වැඩ කරන අයටයි. පරිසරය වනසන්න සිදුකළ මහා පරිමාණ ව්‍යාපෘති මොනවාදැයි මා නම් කරන්නේ නෑ. ඒවා කළ අයගේ හිත් රිදෙන නිසා. ඔවුන් ඒ වැඩ කළේ පරිසරවේදීන්ගේ විද්‍යාඥයන්ගේ උපදෙස් හා අවවාද නොතකමිනි. එවැනි ව්‍යාපෘති වෙනස් කිරීමට හරි අමාරුයි. ඒක ලොකු ප්‍රශ්නයක්. මෑතදී යාපනයට යද්දී විල්පත්තුවට කර ඇති මහා විනාශය මම දැක්කා. ගිය රජයේ වැරදි තීරණයක් අනුවයි එය සිදුවී ඇත්තේ.

පාරිසරික ගැටළුව


2013 වසරේ මාර්තු මස මත්තල ගුවන්තොටුපොළ ආරම්භ කිරීමෙන් අනතුරුව මෙවන් අනතුරක් වූ තෙවැනි අවස්තාව මෙය වේ. අධිවේගී මාර්ගයක් ඉවත්කළ පසු එහි ගැවසෙන සුනඛයන් ඉවත්කළ හැකිවුවද මෙවැනි පරිසරයක ගුවන් පථයක් ඉදි වුවිට එහි සිටින සතුන් ඒ ආශ්‍රයෙන් ඉවත් කිරීම ලෙහෙසි පහසු නොවේ. ආරම්භයේදීම සිදුවූ අනතුරක් හේතුවෙන් එවන් අනතුරු වැළකීම සඳහා ගුවන්තොටුපොළ අධිකාරීන් විසින් වනසතුන් ගැවසෙන ජාල උල්පත් වසා දැමීමට ක්‍රියාකොට තිබුණි.

එයට අනතුරුව රතිඤ්ඤා පත්තුකොට කුරුල්ලන් එලවීමටද කටයුතු යොදා තිබුණි. වාර්ෂිකව ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ වාසස්ථාන බොහොමයක්ද පිහිටා ඇත්තේ මත්තල ගුවන්තොටුපොළට ආසන්නයෙන් බව පරිසරවේදීන් විසින් පෙන්වා දී ඇතිඅතර ගුවන් ගමන් වලට එයින් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් එයට වහාම ක්‍රියාමාර්ග ගන්න ලෙසත් ඔවුන් පෙන්වා දී ඇත.

පසුගිය සතියේ නිකුත් කල වාර්තා වලට අනුව මත්තල ආසන්නයේ සිටි මොනරුන් සිය ගණනක් හම්බන්තොට නගරයට හා ඒ ආසන්න ප්‍රදේශ වෙත ගොස් ඇත. එයට හේතුවී ඇත්තේ ගුවන් යානා වලින් නිකුත් වන අධික ශබ්ධය ඔවුන්ට ගෝචර නොවන නිසාවෙනි.

ගුවන් තොටුපලට ආ  මොණරුන්

 

 

 

 

 

 

 

 

මොණරුන් හැපුනදා

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.