මධ්‍යවේදීන්:සුනන්ද සියරට -සමහරු නොරට-තවත් අය නින්ද පතුළට

 

 

15-sunanda

 

ජිනීවා නුවරට පිටුවහලේ  සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය යළිත් ශ්‍රී ලංකාවට යන බව කියා සීටී.

යුක්තිය පුවත්පතේ හිටපු කතුවරයා වන සුනන්ද දේශප්‍රිය මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ගේ සොහොයුරෙකි.

මාධ්‍යවේදීන්ට එරෙහිව නව පරිපාලනය කටයුතු නොකරනු ඇත යන විශ්වාවශයෙන් යුතුව තමන් ශ්‍රී ලංකාවට යන බවයි සුනන්ද කියා සිටින්නේ.

මාධ්‍යවේදීන්ට පසුගිය කාලයේ එල්ල වූ ප්‍රහාර සහ තර්ජන  සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම  සඳහා ආණ්ඩුවට බලපෑම් කිරීම මාධ්‍ය  ක්‍රියාධරයන්ගේ වගකීම බව ඔහු කියා සිටී.

ලසන්ත වික්‍රමතුංග මර දැමුවේ කව්රුන්ද යන වග තමන් දන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට දැන්වු බව ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග කියා සිටින අතරේ

තමන් මාධ්‍යවේදී පොද්දල ජයන්තට පහර දී පලවා හරිය බව හිටපු ඇමති මර්වින් සිල්වා ප්‍රකාශ කොට තිබේ.

 

 

මාධ්‍යයවේදීන්ට ප්‍රහාර එල්ල කල හටි ප්‍රකාශයක් කරන මර්වින් සිල්වා

 

[vsw id=”/2HIIQsg0X4c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

2004-2010 කාලය තුල මරා දමන ලද මාධ්‍ය සේවක ලැයිස්තුව මෙතනින්

 


(සිවරාම් ධර්මරත්නම් හෙවත් තරාකී ඝාතනය කොට වසර 5ක්  ගෙවුණු තැන ලියවුනු කවියක්)

නින්ද නොඑනා අන්ධකාරය රළ නගයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැගෙයි
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි

මිහිරි නෑ
ඔව් නෑ තමයි
කර්ණ කටුකයි ගී
ඒත් ඒ ගී ඇත්තමයි

මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත‍්‍රියේ
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ

කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා

 

පිටුවහලේ සිටින මංජුල වෙඩිවර්ධන

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.