මන්ත්‍රීනී විවේකාගාරයට රිංගන එක හරිද?

pavithraවිජයදාස රාජපක්‍ෂට එරෙහිව විශ්වාසභංග මෙහෙයුම ක්‍රියාත්මක වන අතරවාරයේ පසුගිය 11 වැනි සිකුරාදා ඒකාබද්ධ විපක්‍ෂය රජයට එරෙහි විරෝධතාවක්‌ ද පාර්ලිමේන්තුවේ සූදානම් කර තිබිණි. ජනතාවගේ සමෘද්ධි සහනාධාරය කපාහැරීමේ ක්‍රියාන්විතයට එරෙහිව ඇමැති එස්‌. බීට හා රජයට එරෙහිව මේ විරෝධතාව පාර්ලිමේන්තුවේ පැවැත්වීම ඒකාබද්ධ විපක්‍ෂයේ සැලසුම විය. මේ සඳහා විරෝධතා පුවරු හා කළුපටි පාර්ලිමේන්තුවට රැගෙන යැම ලොකු අභියෝගයක්‌ විය. ඊට හේතුව මේ දිනවල මන්ත්‍රීවරුන්ව දැඩි සෝදිසියකට ලක්‌කරන්නට පාර්ලිමේන්තුවේ ආරක්‍ෂක නිලධාරීන් කටයුතු කර තිබීමයි.

එහෙත් ආරක්‍ෂක වැට කඩොලු මඟහැර පෝස්‌ටර් හා කළුපටි තොගය පාර්ලිමේන්තුවට අදාළ වෙලාවට රැගෙන ඒමේ වගකීම පවිත්‍රා වන්නිආරච්චිට පවරන්නට තීරණයක්‌ ගැනුණි. ඒ අනුව සිකුරාදා ඇය නිසි වේලාවට පෝස්‌ටර් හා කළු පටි සභා ගැබට ගෙන ආ යුතු විය.

එහෙත් පවිත්‍රාට එදා ලොකු ප්‍රශ්නයක්‌ තිබිණි. ඇයට කළුතර ප්‍රදේශයට නොගිහින්ම බැරි මඟුල් ගෙයක්‌ වැටී තිබිණි. රෝහිත අබේගුණවර්ධනගේ ඥතිවරයකු වන මේ මඟුල් ගෙදර අයට පවිත්‍රාට ද ළඟ සම්බන්ධයක්‌ තිබිණි.

මේ නිසා ඕ කළුපටි හා පෝස්‌ටර් රත්නපුරයෙන් සූදානම් කරගෙන සිකුරාදා උදෙන්ම කොළඹට ගෙන යන්නට රංජිත් සොයිසාට බාර දෙන්නට ගියාය.

අනේ මැතිනිය… මම පෝස්‌ටර් ටික නම් කොහොම හරි ඇතුළට ගෙනියන්නම්. ඒ වුණාට කළුපටි ටික නම් ඔයාටම ඇතුළට ගෙනිහින් තියන්න වේවි.

මට එහෙනම් උදේ ඇතුළට යන්න වෙනවා නේ… පවිත්‍රා කීවාය.

ඔව් ඉතින්… එහෙම නැතුව බෑ…

හරි මම එහෙනම් මේ ටික ගෙනිහින් මන්ත්‍රීවරියන්ගේ විවේකාගාරයේ තියන්නම්. ඔබතුමා වෙලාවට අරගන්න.

මගෙ අම්මෝ… මට නම් බැහැ ඕකට රිංගන්න නැති කතා හැදේවි…. මම කියන්නම් ඔයා ඔය ටික අරන් ගිහින් මන්ත්‍රීවරුන්ගේ විවේක කාමරයේ තියන්න…

මාර කතාවක්‌ නේ ඒක. එතකොට ඒකට රිංගන්න ගිහින් මට කතා හැදෙන එකක්‌ නැද්ද… පවිත්‍රා ඇසුවාය. හරි… මම ඇතුළට ගිහින් තැනක අරන් තියල ඔයාට කෝල් කරල කියන්නම්.. වෙලාවට එතනින් ගන්න.

මේ අනුව සැලසුම සකස්‌ කෙරිණි. සමෘද්ධි විරෝධතාවයට කළුපටි හා පෝස්‌ටර් පැමිණියේ මේ දෙදෙනාගේ රහසිගත මෙහෙයුම නිසාය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!