මන්ත්‍රී තෙවරප්පෙරුම මහ මග ගැටුමක

 

 

 

 

[vsw id=”/GTvX7GAILho” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

නිතර ආරවුල් වලට මැදිහත්වන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට  අගලවත්ත නගරයේදී පහර දී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාලින්ද නුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර එක්සත් ජාතික පක්ෂය මඟින් අගලවත්ත නගරයේ දමන ලද කොඩි වැල් කපා නිල් කොඩි දැමීයැයි පවසා මහ පර මැදදී  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයට පහර  දුන්නේය.

තෙවරප්පෙරුම මහතා බදුරලිය ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වූ පිරිසක් අසලදී තුවක්කුවෙන් අහසට වෙඩි තබා පිරිසක් පළවා හැරියේය. ඔහු කියා සිටීයේ ආත්ම ආරක්ෂාව

වෙනුවෙන් එසේ කල බවයි.

පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවති එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් හමුව අතරතුරදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට  පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා  පහර දීමට

තැත් කළේය. මේ පිළිබඳව විනය පරීක්ෂනයක් ආරම්භ වූ අතර එහි ප්‍රතිපලය ගැන දැනගන්නට නැත.

චර්යාධර්ම පද්ධතියක්

ලබන සතියේ පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කිරීමට  නියමිත අන පනත් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහාවූ චර්යාධර්ම පද්ධතියක්ද වෙයි.

මීට පෙර ආර් ප්‍රේමදාස මහතාද  මන්ත්‍රීවරුන් සහාවූ චර්යා ධර්ම පද්ධතියක් ඉදිරිපත් වූ නමුත් එය ක්‍රියාත්මක වූ බක් පෙනෙන්ට නොවීය.

මන්ත්‍රීවරුන් ගේ හැසීරීම් මීට‍ කලකට පෙර  කතා කළ හිටපු කථානායක  වි ජ මු ලොකුබණ්ඩාර කියා සිටීයේ අඩි  කීපයක් වූ සිරුරක් පාලනය කරගත නොහැකි පුද්ගලයෙකුට

දේශයක් පාලනය කළ නොහැකි බවයි.

 අළුත්ගමදී මුස්ලිම්වරුන්ට ප්‍රහාර එල්ලවෙද්දී පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයා ඔවුන් වෙනුවෙන් නිර්භයව නැගී සිටියේය.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.