මන්දනා ලීඩර් වෙයි

 

 

mandana

 

 

සන්ඩේ ලීඩර්’ පුවත්පතේ නව කර්තෘවරිය ලෙස එම පුවත්පතේ පුරෝගාමී කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා සමඟ උරෙන් උර ගැටී සේවය කළ, මන්දනා ස්මයිල් අබේවික්‍රම මහත්මිය අද (29) වැඩ බාර ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් අප කළ විමසීමකදී ඈ කියා සිටියේ ඇය අද වැඩ බාර ගැනීමට යන බවත්, කාර්යාලයට යාමෙන් පසුව සේවක මණ්ඩලය හමුවන බවයි.

මේ අතර, ඇය කාර්යාලයට යාමට පෙර එම පුවත්පතේ පුරෝගාමී කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොන්කොත වෙත ගොස් ඊට පුෂ්පෝපාහර දක්වා ඇති බවද වාර්තා වේ.

 

 

 

 

ලීඩර් පබ්ලිකේෂන් විසින් පවත්වාගෙන යනු ලැබූ සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත්පත් රාජපක්ෂ ආණ්ඩුව බිඳවැටීමත් සමඟ කඩා වැටීම නිසා වසා දැමීමට නියමිතව තිබියදී එහි හිමිකාරිත්වය අත්පත්කරගත් නව කණ්ඩායමක් විසින් එම පුවත්පත් නව නිමාවකින් යුතුව එලිදැක්වීමට කටයුතු කරගෙන යනු ලබයි.

මන්දනා, ඉරුදින පුවත්පතේද වැඩබලන කර්තෘවරිය ලෙස කටයුතු කිරීමට නියමිත අතර, එම පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ලෙස රවි රත්නවෙල් මහතා කටයුතු කරනු ලබයි.

වසර 2013 සැප්තැම්බර් මස ලියකියවිලිවගයක් සොයමින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් මන්දනාගේ නිවසට ඇතුල් වූ අතර පොලීසිය හා එම සන්නද්ධ කණ්ඩායම අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් සන්නද්ධ කණ්ඩායමේ එක් අයකු මන්දනාගේ නිවස තුලදී ජීවිතක්ෂයට පත් විය.

එම අවස්ථාවෙදී මන්දනා සහ පවුලේ අය මරණයෙන් ජීවිත ගලවාගත්තේ අනූ නවයෙනි.

පසුව ජීවිතාරක්ෂාව පතා ඇමරිකාවට බලා ගිය මන්දනා රට හැර ගිය අනෙක් මාධ්‍යකරුවන්ට ආදර්ශ සපයමින් නැවතත් පසුගිය වසරේ ලංකාවට පැමිණ පැවැති ආණ්ඩුව පෙරලීමට විශාල මෙහෙයක් සිදුකළ අභීත පුවත්පත් කලාවේදිනියකි.

අදාල පුවත්පත් දෙකේ හිමිකාරිත්වය අත්පත්කරගත් කණ්ඩායම දිනපතා පුවත්පතක්ද එළිදැක්වීමට සූදානම්වන බව මේ අතර වාර්තා වේ.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!