මන්ද මිතුර හොර පාරේ -මහින්ද රාජපක්ෂ

mithrimahindaa
මෛත්‍රීපාල සිරිසේන තමන්ට නොකියාම පිට පාරෙන් ජනපති පොරයට ඉදිරිපත්වීම පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ තම කණස්සල්ල පල කොට සිටියේ ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාව සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ දී හමුවූ අවස්තාවේදී.

තමන් මෛත්‍රීපාල සිරිසේන ඇමතිවරයාට කෙනෙහෙලිකම් නොකළ බවත් පිට රට යන විට කොට ආරක්ෂක ඇමැතිකමේ වැඩ බැලීමට ඉඩ සලසා දුන් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

පක්ෂය දමා යන්නට එකම හේතුව විධායක ජනාධිපති ක්‍රමය නොවන බවත් එය පක්ෂයක් හැර දමා යාමට තරම් හේතුවක් නොවන බවත් ජනාධිපතිතුමා පැවසීය.
එළැඹෙන ජනාධිපතිවරණය තමාට අභියෝගයක් නොවන බවත් පසුගිය වර ලබා ගත් වැඩි ඡන්ද ලක්ෂ 18 ඉක්මවා මෙවර වැඩි ඡන්ද ලක්ෂ 22කින් ජයග්‍රහණය කරන්නට සූදානම් බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන්නට ආවා නම් තමා මෛත්‍රීටත් කියන්නේ බොහොම හොඳයි , මගේ සුබපැතුම්. වැරදුණොත් අවශ්‍ය නම් ආපසු එන්න යැයි ‍යනුවෙන් එදා ෆොන්සේකාට කී කතාවම බව පැවසූ ජනාධිපතිතුමා ඔහුට තමා සුබපතන බවත් ප්‍රකාශ කළේය.

 

fonseka-mr

රැස්වීමට සහභාගිවූ නියෝජිතයෙක් මේ කථාවට පසුවදනක් එක කරනු සංග්‍රහ කටයුතු වල නිරතවූ සේවකයෙකුට ඇසී තිබේ.

“මෛත්‍රීපාල සිරිසේන ගැන කියපු ඔක්කොම හරි කියලා කියමුකෝ ඒත් ෆොන්සේකාට සලකපු හැටි නම් හරිම අපුරුයි.කියලා ගිය නම්බුව ලස්සනට තබ්බා නේ ” යැයි යයි නියෝජිතයා පැවසු බව සේවකයා තවත් සගයෙකුට පැවසීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.