මනාපයට තිත උතුරේ සංහිඳියාව ඇති කරන මගයි-ලයනල් ප්‍රනාන්දු

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා යෝජනා කර ඇති නව මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම තුළින් උතුරේ ජනතාව තුළ සංහිඳියාව වර්ධනය කළහැකි බව යාපනය දිස්ත්‍රික් හිටපු දිසාපති ලයනල් ප්‍රනාන්දු මහතා පවසයි. ’20 සම්මත කරමු – මනාප ක්‍රමයට තිත තියමු’
යන මැයෙන් කැෆේ සංවිධානය අද (28) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
ලයනල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළේය.
‘1977 පත් වූ රජය ඡන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් මෙරට පරිපාලන සේවය උඩුයටිකුරු වුනා වගේම ජාතීන් අතර සංහිඳියාවට බරපතල තර්ජණයක් එල්ල වුනා. නව මැතිවරණ ක්‍රමය තුළින් ඕනෑම ජාතියක, ඕනෑම කුළයක අයකුට මැතිවරණ පිළිබඳව නිදහසේ සිතීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ නිසා උතුරේ ජනතාවට නැවත අයිතීන් ලබාදෙන ක්‍රමයක් මේ තුළින් උදාවන බව විශ්වාස කරන්න පුලුවන්.’
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂක කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ මෙතෙක් පැවති ක්‍රමය අනුව උතුරු – නැගෙනහිර පළාත්වලින් තේරී පත්වූ ඇතැම් ජනතා නියෝජිතයන් ජීවත් වන්නේ එම ප්‍රදේශවල නොව කොළඹ හෝ වෙනත් විදේශ රටවල බවයි. මැතිවරණයක් පැමිණි පසු නැවත ගම්වලට ගොස් මුදල් කුට්ටි විසිකර මැතිවරණවලින් වැඩිම මනාප ලබා යළිත් ගම්වලින් ඈත්වන බවද ඒ මහතා ප්‍රකාශ කළේය. ඒ නිසා මෙම තත්ත්වයට තිත තබා ජනතාව වෙනුවෙන් පත්වන ඔවුන්ගේ නියෝජිතයා අදාල කොට්ටාශයේම රඳවා තබාගත හැකි මෙම නව ක්‍රමය ඇතුළත් 20 වැනි සංශෝධනය සම්මත කරමින් ජනබලය මුදලට කොල්ලකෑමේ න්‍යාය පරාජය කිරීම සැබෑ, ශිෂ්ට ජනතා නියෝජිතයන්ගේ පරම වගකීම බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පරිපාලන සේවා නිළධාරීන්ගේ සංගමයේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා සහ ඉඩම් අමාත්‍යංශයේ හිටපු ලේකම් අශෝක පීරිස් මහතා ද සහභාගි විය.
caffe-0002

 

දසක 3 කට එපිට යාපනයේ වැසියන්
පිළිබදව දිසාපතිවරයෙකුගේ ආවර්ජනය



කපිල වස්‌තු ධාතූන් වහන්සේ යාපනයට වැඩමවීම සංස්‌කෘතික අමාත්‍ය ඊ. එල්. බී. හුරුල්ලේ හා ලයනල් ප්‍රනාන්දු මහතා.

යාපනය දිසාපති මැදුරේදී ලයනල් ප්‍රනාන්දු මහතා සෝමලතා සුභසිංහ මහත්මිය (ලයනල් ප්‍රනාන්දු මහතාගේ බිරිඳ)

කලකට ඉහතදී කෝපි කෝප්පයක්‌ පානය කරනු පිණිස ප්‍රකට කෝපි අවන්හලකට ගොඩවූ මොහොතේ, අප සමග සිටි මිතුරන් කිහිප දෙනෙකුම පැවසුවේ හොඳම කෝපි කෝප්පයක්‌ බොන්නට නම් “යාපනේ” යා යුතු බවය. එකී මිතුරා මෑතකදී යාපනයේ නොගිය බව දැනසිටි නිසා අප ඔහුගෙන් ඒ ගැන තොරතුරු විමසූ කළ ඔහු පැවසුවේ, වසර තිහකටත් එපිට ත්‍රස්‌තවාදය දළුලන්නට පෙර රජයේ සේවකයකු සිය පියා සමග තමාගේ කුඩා කාලයේ යාපනයේදී කෝපි කෝප්පයක්‌ බිවු වගය.

එය කෙටි කාලයක මිතුරු සමාගමයකට “රසවත්” කතා බහක්‌ බවට පත්වන්නට වැඩි වේලාවක්‌ ගතවූයේ නැත.

එවක්‌ පටන් මුළු කතා බහම “යාපනය” ගැන විය. යාපනයේ ද්‍රවිඩ ජනතාවගෙන් ඔහු ලද ආගන්තුක සත්කාරයත්, අනූපමේය වූ මිත්‍රත්වයත්, සංස්‌කෘතික බැඳීම්, ඒ වෙනස්‌ සංස්‌කෘතියේ මිහිර, මේ ආදී වශයෙන් බොහෝ වේලාවක්‌ අවන්හල තුළ ඒ කතාබහ ඇදී ගියේය. එදවස ද්‍රවිඩ සමාජය සමග බැඳුණු අප මිතුරාගේ රසවත් මතකයේ තරම ඒ කෝපි කෝප්පයේ මතකය තරමට රසවත් විය.

එහෙත් අපූරු කාරණය වූයේ එතැනම සිටි මෑතකදී යාපනයේ සංචාරය කළ මිතුරන් දෙදෙනකුටම “යුද්ධයෙන් පසු දුටු දේ” ගැන කියනවා හැරෙන්නට “වෙනත් යමක්‌” බෙදා හදාගන්නට නොතිබීමය.

හැබෑවය, එකල යාපනයේ යනවා යන්න,”චාරිකා මතයකට” ඔබ්බෙන් වූ හෘදයාංගම සිතුවිලි පහළ කරන්නත්, වත්මනෙහි එය චාරිකාවකට පමණක්‌ සීමාවන්නටත් හේතුව කිම.

ත්‍රස්‌aතවාදය අපට බොහෝ දේ අහිමි කළ බව සැබෑය. ඉන් ප්‍රධාන වශයෙන් අපට අහිමි වූයේ අප අතර ගොඩ නැගී තිබුණු පෙර අප මිතුරා කී කෝපි කෝප්පයේ මතකය තැන්පත් වන තරමට ප්‍රභලවූ අෙන්‍යාන්‍ය විශ්වාසයයි. අද දවසේ දකුණේ ජනතාව යාපනයේ චාරිකා යනවා හැරෙන්නට ඒ සංස්‌කෘතිය වටහා ගන්නට උත්සාහ දරන්නේ නැත. ද්‍රවිඩ ජනතාව මේ චාරිකා පැමිණෙන සිංහලයන් රුස්‌සන්නේ නැත. ඉතිං තවදුරටත් ඒ අපූරු සබැඳියාව කෙසේ ගොඩ නැගෙන්නේද?

යාපනයේ හිටපු දිසාපතිවරයකු මෙන්ම නැගෙනහිර පළාතේ ප්‍රථම සිංහල ආණ්‌ඩුකාරවරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙරට ප්‍රකට පරිපාලන නිලධාරියකු වන “ලයනල් ප්‍රනාන්දු” මහතාට යාපනය පිළිබඳව ඇත්තේ අපේ කෝපි කෝප්පය බිවු මිතුරාට ඇති මතකයමය. එය ඒ තරමටම සොඳුරුය.

“ඒ කාලයේ ඩී. ආර්. ඕ. වසමක්‌ තිබුණා “තුනුක්‌කායි” කියලා… එය කොච්චර ඈතද කිව්වොත් කොළඹ සිට ගාල්ල දක්‌වා දිවෙන හැතැප්ම හැත්තෑ දෙකක දුර ප්‍රමාණයට සමානයි. යාපනයෙන් පටන් ගත්තම චාවාකච්ෙච්රි, පලෙයි, අලිමංකඩ පරන්තන් පසුකර කිලිනොච්චියට පැමිණියාම හැතැප්ම හැටයි. එතැනින් දකුණට හැරිලා හැතැප්ම දොළහක්‌ යන්න ඕන. එතකොට එකතුව හැතැප්ම හැත්තෑ දෙකයි. එහි ද්‍රවිඩ ඩී. ආර්. ඕ. මහත්තයා ජීවත් වෙන්නේ කන්තෝරුවේම එක කොටසක තිර රෙද්දකින් ඒ කොටස ආවරණය වෙලා තිබුණා.

මම එතකොට කල්පනා කළේ මේ සා විශාල අර්ධද්වීපයක මිනිසුනට විඳින්න වෙන අපහසුතාවයන් ගැනයි.. ඉතා දුර බැහැර සිට ඒ අය යාපනය කච්ෙච්රියට එන්න ඕන… යාපනයට අයත් දූපත් තියෙනවා. ඒවායේ සිට “පුංගඩතිව්” වලට හෝ “කයිට්‌ස්‌” වලට එන්න ඕන. ඇවිල්ලා බස්‌ එනකල් ඉන්න ඕන. ඒ අයට වැඩ කරගන්න දවස්‌ ගාණක්‌ යනවා. මම ඒ නිසා කල්aපනා කළා සියලු දේ ඒ මිනිස්‌සු ළඟට අරගෙන යන්න ඕන කියලා. අපි ජීප් රථ උපයෝගී කරගෙන හැකිතරම් ආසන්න ග්‍රාමසේවා වසම් ආසන්නයට ගිහින් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳලා එනවා. ඒකට අපි දවස්‌ දෙකක්‌ ගන්නවා. මේ මම කියන්නේ 1978 සිට 79 දක්‌වා කාලයයි”.

ලයනල් ප්‍රනාන්දු මහතා යාපනයේ ජනතාව වෙනුවෙන් දකුණේ රජයේ නිලධරයෙකු ලෙස සිය මෙහෙවර ඉටුකළ අයුරු කලකට ඉහතදී එසේ ප්‍රකාශ කර තිබිණි.

ඔහු කළ දීර්ඝ අදහස්‌ දැක්‌වීම තුළ දෙමළ ජනතාව හා දකුණේ ජනතාව අතර තිබුණු විසල් සබඳියාව මනාව ගැබ්ව තිබිණි.

“ඩී.ආර්.ඕ. කන්තෝරුවකට ගියාම මට නිදාගන්න විදිහක්‌ නැහැ. ඇයි එක ඇඳනේ තියෙන්නේ.. ඉතිං මම බිම නිදාගන්න යනකොට ඩී.ආර්.ඕ. මහත්තයා මට බිම නිදාගන්න දෙන්නෙම නැහැ. ඒත් අන්තිමේදී අපි හැමෝම පැදුරු දාලා, රෙදි දාලා බිම නිදියනවා. ඇඳේ නිදාගන්න කවුරුත් නැහැ.”

එකල ද්‍රවිඩ ජනතාව හා දකුණේ අප අතර තිබුණු බැඳීමේ තරමය, එමෙන්ම ඒ ද්‍රවිඩ ජනතාව අපට දැක්‌වූ ගෞරවයේ තරම ලයනල් ප්‍රනාන්දු මහතාගේ ඒ ප්‍රකාශය තුළ ගැබ්ව තිබිණි.

1979 පෙබරවාරි මාසයේදී කොළඹ පිහිටා තිබූ සිංහල, දෙමළ හැම පුවත්පත් ආයතනයකම පිරිස්‌ යාපනයට කැඳවාගෙන යාමට ලයනල් ප්‍රනාන්දු මහතා කටයුතු කළේද ඒ සබැඳියාව දකුණට තව තවත් සමීප කරවීම පිණිසය. ඒ අතර ජී. ටී. වික්‍රමසිංහ, ජෝ සිඟේරා, නෙම්සිරි මුතුකුමාර, ගුණදාස ලියනගේ මේ ආදී වශයෙන් තිස්‌පස්‌ දෙනෙකුගෙන් සමන්විත මාධ්‍ය කණ්‌ඩායමක්‌ යාපනය කරා පැමිණියහ. ඔවුනට නවාතැන් ලැබුණේ ද්‍රවිඩ ජනතාවගේ නිවාසවලය.

මම එතනදී උත්සාහ කළේ ද්‍රවිඩ ජන ජීවිතය දකුණේ සිංහලයන්ට සමීප කරවන්නේ කොහොමද කියන එක ඒත්තු ගන්නන්නයි. එහෙම ද්‍රවිඩ නිවාසවල නතර වුණාම බලන්න පුළුවන් තෝසේ ඉට්‌ලි, ලැබෙන්නේ කොයි වෙලාවටද, කොහොමද හදන්නේ. ඒ අයගේ ජන ජීවිතය කොහොමද ඒ අයගේ මිදුලේ විෂ්ණු රූපයක්‌, ගණ දෙවි රූපයක්‌ සහිත දේවාලයක්‌ තියෙනවා. අඹ පැළයක්‌, කෙහෙල් පැළ තියෙනවා. ඒ අය දෙවියෝ නමැදලා ඒ ආවතේව කරලයි වැඩවලට පිටත් වෙන්නේ. ඒ කාලයේ හැම පත්තරයකම අය මීට සහභාගි වුණා.

ලයනල් ප්‍රනාන්දු මහතා තමන්ගේ සොඳුරු උත්සාහය ගැන කියන්නේ එලෙසය.

එපමණකුදු නොව ලයනල් ප්‍රනාන්දු මහතා 1979 පෙබරවාරි මාසෙය්දීම එවකට සංස්‌කෘතික ඇමැතිවරයාව සිටි ඊ. එල්. බී. හුරුල්ලේ මහතාගේ මෙහෙයවීමෙන් “කපිල වස්‌තු ධාතූන් වහන්සේ” අනුරාධපුරය හරහා යාපනයට වැඩවීම ද සිදුකළේය. එවකට යාපනය රදගුරු බිෂොප් දියොගු පිල්ලේ ප්‍රමුඛ කතෝලික පූජක තුමන්ලා ද, කන්‍යා සොහොයුරියන්ද, ද්‍රවිඩ ඉස්‌ලාමීය බැතිමතුන්ද මේ අවස්‌ථාවට සහභාගි වීම සඳහා යාපනය නගර මධ්‍යයේ “නාග විහාරයට” පැමිණ සිටීම විශේෂත්වයකි. එමෙන්ම යාපනයේ චිත්‍රපට උළෙලක්‌ පැවැත්වීමට ද ලයනල් ප්‍රනාන්දු මහතා කටයුතු කර තිබිණි. ඊට සිනමා ශාලාවක්‌ ලබාදෙමින් අනුග්‍රහය දක්‌වා තිබුණේ “රොබින් තම්පෝය.” මඩොල්දූව, පොන්මනී, රොමියෝ ජුලියට්‌ ඇන්ඩ් ඩාක්‌නස්‌, ඇතුළු චිත්‍රපට හතක්‌ ඊට ඇතුළත් විණි. යාපනය ජනයා රැස්‌කමින් ඊට සහභාගි වූ බවද සඳහන්ය. “මකුලොලුව මහතාගේ” “ඇසි දිසි මිහිර” යාපනයට ගෙන්වූ අවස්‌ථාවේ එය ද්‍රවිඩ ජනතාව අතර කොතරම් ප්‍රචලිත වීද යත්, එය අවසානයේ යාපනය “වීරසිංහම් ශාලාවට” රැස්‌ව සිටි සියල්ලෝම නැගිට විනාඩි ගණනාවක්‌ අත්පොළසන් නාදය දුන් බවද කියෑවේ.

එය මකුලොලුව මහතාටත් සිංහල කලා අංශයටත් ද්‍රවිඩ ජනතාව දැක්‌වූ ඉතාම හෘදයාංගම ප්‍රතිචාරයක්‌ ලෙස, ලයනල් ප්‍රනාන්දු මහතා හඳුන්වා දෙන්නේය.

ඒ අප මිතුරා කෝපි කෝප්පයේ රස බැලු යාපනයයි. ලයනල් ප්‍රනාන්දු මහතා විස්‌තර කරන්නේ 1979 වර්ෂය පිළිබඳවයි. 80″ දශකයෙන් පසු ඒ සොඳුරු යුගය වෙනස්‌ වන්නේ ඉතා සීඝ්‍රයෙනි. වර්තමානය වන විට යුද්ධය අවසන් වීත් ඒ “කෝපි කෝප්පයේ” රස බලන්නට තරම් තත්ත්වය යහපත් වී නැත. ආයෙත් ඒ කෝපි කෝප්පයේ රස බලමු.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.