මනෝ – හකීම් – රිෂාර්ඩ් – කොළඹ දී තනියෙන් – පිට දී අලියා පිටේ

rauff-rishadසුළු පක්ෂ හා සෙසු හවුල්කාර කණ්ඩායම් සමඟ ගනුදෙනු කිරීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නම්‍යශීලී පිලිවෙතකට මාරු වී ඇත. එ.ජා.ප.යේ නාමයෝජනා සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්න හටගත්තේ සුළු පක්ෂවලට නාමයෝජනා දීමේදීය.

මනෝගනේෂන්, රවුෆ් හකීම්, රාධා ක්‍රිෂ්ණන් හා රිෂාඩ් බදුයුදීන්, පලනි දිගම්බරම් ආදී සුළු පක්ෂ නායකයන් අතරින් ඇතැමුන් කොළඹින් බැහැරව ඡන්දය ඉල්ලද්දී එ.ජා.ප.ය සමඟත්, කොළඹ හා බස්නාහිර සෙසු ප්‍රදේශවල ඡන්දය කරද්දී තනි තනිවත් අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට එ.ජා.ප.ය සමඟ එකඟත්වයක් ඇතිකරගත්තේය. ඊට හේතුව අගනුවර හා සෙසු ප්‍රදේශවලදී එම පක්ෂ ඉල්ලා සිටි අපේක්ෂක කෝටාව විශාල වීම නිසාය. ඒ අනුව මනෝගනේෂන්, රවුෆ් හකීම් ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙක් ඇතැම් සභාවලට එ.ජා.ප.ය සමඟත්, ඇතැම් සභාවලට තනිවමත් තරග කරති. මේ ආකාරයට එ.ජා.ප.ය සමඟ පක්ෂ සහ සංවිධාන 22 ක් නාමයෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.