මමත් අනාථ වෙලා-රනිල්

 

 

downloadhiru

 

ගෝඨාභය රාජපක්ෂ මහතාට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරන්න සම්පූර්ණ අයිතිය ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

“ දැන් උසාවියෙන් නියෝගයක් නිකුත් කරලා. නමුත් මේ නියෝගය අපට තවමත් ලැබිලා නැහැ. අපිට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවශ්‍යයි. නමුත් එයට අවස්ථාවක් ලැබුණේ නැහැ. එයට අවස්ථාව ලැබෙන්නේ ඔක්තෝබර් මාසයේ දී. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා නොවැම්බර් මාසය වනවිට රටේ තිබෙන්නේ අලුත් පාර්ලිමේන්තුවක් කියලා. ඉතින් ඔක්තෝබර්වල අධිකරණයට කරුණු දක්වන්න අපේ මේ කැබිනට් මණ්ඩලයට බැහැ. නොවැම්බරයේ බලයට පත්වන්නේ අපේ එක්සත් ජාතික පක්ෂ රජයක් වුවත් පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්වෙලා තියේවි. කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන් මාරුවෙලා තියේවි. ඇතැම් අය පාර්ලිමේන්තුවේ නැති වේවි. අලුත් අය ඇවිත් තියේවි. 2010 පත්වූ පාර්ලිමේන්තුවේ ඇමතිලාගේ සහ රජයේ නිලධාරීන්ගේ වැඩ සම්බන්ධයෙන් ඒ පාර්ලිමේන්තුවේම පත්කළ අපේ කැබිනට් මණ්ඩලයෙන් ගත්තු තීරණ සම්බන්ධයෙන් කරුණු දක්වන්න වෙන්නේ කාටද ? මේය ගැටළුවක්. 2010 ප්‍රශ්න වලට 2015 ජනවාරි වල සිට මේ දක්වා ගත්තු තීරණ වලට වග කියන්නේ 2016 කැබිනට් මණ්ඩලය ද ? මමත් අනාථ වෙලා මට යන්න තැනක් නැහැ.” යනුවෙන්ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ඇගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද සවස ශ්‍රී ලංකා පදනම් ආයනයේ දී මාධ්‍ය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජාතික සමුළුව අමතමින් මෙම කරුණු කියා සිටියේය.

අගමැතිවරයා මේ බව කියා සිටියේ ගෝඨභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අධිකරණය ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් කරුණු දක්වමිනි.

 

[vsw id=”/youtu.be/QJexbh7AB8k” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

downloadrajitha

අමාත්‍ය රාජිත සේනාරත්න

අපි පත් කර ගත් යහපාලන ආණ්‌ඩුවෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වු එක්‌ පැත්තක්‌ සිදු නොවන බව කැබිනට්‌ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

එතනෝල්, කුඩු, කැසිනෝ ගැන කියා මැතිවරණයට පෙර කෑ ගැසුවත් ඊට සම්බන්ධවූවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් හෙතෙම පෙන්වා දෙයි.

ආණ්‌ඩුව ඇතුලේ මේ පිළිබඳව තමන් ඇතුළු කිහිප දෙනෙකු දැඩි අරගල සිදු කරන නමුත් මෙතෙක්‌ මේ ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක නොවීම ගැටලුවක්‌ බව අමාත්‍යවරයා පැවසීය.

එතනෝල් මෙරටට ගෙන්වා ඇත්තේ තීරු බදු රහිතව යැයිද තොරතුරු තිබියදීත් සොයා නොබැලීම ගැටලුවක්‌ බව ද ඇමැතිවරයා කීය.

 

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කතා නොකර සිටීමට මසකට රුපියල් කෝටි දෙක බැගින් තමාට දීමට පුද්ගලයකු උත්සාහ කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අවශ්‍ය  අවස්ථාවේදී ඒ පිළිබඳව හෙළි කරන බවත් සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (14) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

මේ අතර ඇවන්ගාර්ඩ් සිද්ධිය ගැන කතා නොකර සිටින්නට තවත් ඇමැතිවරයකුට රුපියල් කෝටි 30 ක් දෙන්නට උත්සාහ කර තිබූ බවටද හෙතෙම කරුණු සඳහන් කළේය.

“සති දෙකකට මගේ කට වහන්න මසකට රුපියල් කෝටි දෙක බැගින් දෙන්න උත්සාහ කළා. මා ඊට එකඟ වුණේ නෑ. මගේ මිතුරකු හරහා තමයි ගනුදෙනුව කතා කළේ. මිතුරා ළඟ අවශ්‍ය හඬ පට තිබෙනවා. ඔහු ඒවා එළියට දාන්න අකමැතියි. නමුත් මට අවැඩක් වෙනවා නම් ඔහු එය එළියට දමනවා. අවශ්‍ය අවස්ථාව ආවහම ඒ ගැන හෙළි කරන්නම්.” යනුවෙන්ද එහිදී පැවසීය.

 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.