මම කුමන්ත්‍රණ කරුවෙක් නොවෙමි-හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජනාධිපතිවරණයෙන්  පරාජය වන බව දැනගත්  විගස ආරක්ෂක ප්‍රධානීන් කැඳවා කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කළ බවට  නැගෙන  චෝදනා අමුලික බොරු බව ‘ට්වීටර්’ පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනාධිපත් මහින්ද රාජපක්ෂ කියාසිටී.

පරාජයය පිළිගෙන ජනාධිපතිවරණ නිල අවසන් ප්‍රතිඵලය නිකුත් වීමට මත්තෙන් තමා නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සුභ පැතූ බවයි ඔහු කියා සිටින්නේ.

මහින්ද රාජපක්ෂ කුමන්ත්‍රණශීලී ලෙස හමුදා සහාය ඇතිව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීම’ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙන හෙයින් මේ පිළිබඳව පුර්ණ විමර්ශනයක් පවත්වා

සත්‍ය හෙළිදරව් කරන බව විදේශ ඇමති ධුරයට පත්ව සිටින මංගල සමරවීර කියා සිටී.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.