මම යහපාලනයට සම්බන්ධ වූනේ නැහැ – මේක විකුණන ආණ්ඩුවක් – සුසිල් ප්‍රේමජයන්ත

susil-premajayantha“විකුණනවා කිව්වා නම් ඡන්දේ දිනන්න වෙන්නෙත් නැහැ. නොකියා ආවට මේක විකුණන ආණ්ඩුවක්. රාජ්‍ය ව්‍යවසාය කළමනාකරණය කරගන්න බැහැ. එන්නෙම අපි මේක විකුණනවා කියලා කියාගෙන. ආණ්ඩුව මේ යන විදියට ගියොත් කච්චතිව් දූපතත් විකුණලා දායි.“ යැයි තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ආණ්ඩුවේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් සිටින්නේ කලකිරීමෙන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් තම මතය පිළිනොගන්නා බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ දී ඊයේ (10) පැවැති එම පක්ෂයේ සතිපතා මාධ්‍ය හමුවට එක්වෙමින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙසේ තම අදහස් පල කොට ඇත.
යහපාලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නොවූ බවත් තමන් කෙසේවත් සම්බනන්ධ නොවූ බවත් පැවසු ඒ මහතා යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා ඇතිවූ බවත් අගෝස්තුවේ පවතී මැතිවරණයට ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වූ බවත් වැඩි දුරටත් පවසා ඇත.

නමුත් මෙහිදී ජනතාවට ඇති වන ගැටළුව නම් වසර දෙකක් ගතවන තෙක් ප්‍රේමජයන්ත මහතා නිහඬව සිට දැන් මේ පිළිබඳව පවසන්නේ කුමක් නිසාද යන්නයි.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

One thought on “මම යහපාලනයට සම්බන්ධ වූනේ නැහැ – මේක විකුණන ආණ්ඩුවක් – සුසිල් ප්‍රේමජයන්ත

  • August 11, 2017 at 4:01 pm
    Permalink

    Muhuna baluwath manda buddhikayek wagei aththtath eya wagei. Booruwo labaagath amaathya dooraya yahapaalanaye nathnam gaanige pakshayenda? ratay karumeta upan Awasthaawaadee kaalakanni.

    Reply

Leave a Reply

Your email address will not be published.