මරණයට පත් සංඛ්‍යාව දෙසීය ඉක්මවයි

floodගංවතුර සහ නායයාම් හේතුවෙන් මරණයට පත් සංඛ්‍යාව දෙසීය ඉක්මවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද අලුත්ම වාර්තා මගින් පැවසෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 203 කි. මීට අමතරව තවත් 96 දෙනෙක් අතුරුදහන්වූවන් මට්ටමේ ලා තවමත් සැලකෙයි. සියලු ගංගා ආසන්නයේ ගංවතුර අවදානමක්: ‘හැකි ඉක්මනින් ඉවත්වන්න’
ගංවතුර, නාය යෑම් හේතුවෙන් ජීවිත හානි රැසක ?
දකුණේ ගංවතුර: ගැබිණි මවක් සහ දුරකථන රැහැනක එල්ලුණු පුද්ගලයෙක් මරණයට පත්වූවන් අතර පාසල් දරුවන් හතළිස් හතර දෙනකු ද ඇති අතර තවත් සිසුන් අටදෙනෙක් අතුරුදහන් ලැයිස්තුවට ඇතුළත් වෙයි. ගංවතුර සහ නාය යාම් රට තුළ දිස්ත්‍රික්ක පහළොවකට බල පෑ අතර පවුල් 163264 කට අයත් පුද්ගලයන් 631346 ට ආපදාව බල පා ඇත.
මේ ව්‍යසනයයේ දී නිවාස 1508 ක් සහමුලින්ම විනාශව තවත් නිවාස 7617 ක් අඩ වශයෙන් විනාශ වී ඇති බවට තොරතුරු ලැබී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද වාර්තාවන්හි දැක්වෙයි. නිවාස 1508 ක් සහමුලින්ම ද 7617 ක් අඩ වශයෙන් ද විනාශ වී ඇත.
නිවාස 1508 ක් සහමුලින්ම ද 7617 ක් අඩ වශයෙන් ද විනාශ වී ඇත. පවුල් 19,876 කට අයත් පුද්ගලයන් 77,643 ක් පමණ තාවකාලික කඳවුරු 366 ක දැනට රැඳී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.