මරණීය දණ්ඩනය පිලියමක් නොවේ-ආසියානු මානව හිම්කක් කොමිසම

downloatrtre

මාධ්‍ය වාර්තා සඳහන්කර තිබුණේ නව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා විසින් සිදුකර තිබු ප‍්‍රකාශයක් වන අපරාධ මැඩලීම සඳහා කළ හැකි සියළුම  ක‍්‍රියාමාර්ග ගන්නා බවත් එහිදී අවශ්‍ය නම් මරණ දඬුමව නැවත ක‍්‍රියාත්මක කරණ බවත්ය. අමාත්‍යවරයාගේ ප‍්‍රකාශනය ආසියානු මානව හිමිකම් කොමිෂම විසින් පිළිගන්නා අතරේ, මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම අපරාධ මැඩලීම සඳහා වන අරමුණ ඉෂ්ඨ කරගැනීම සඳහා වන විකල්පය නොවන බවද ප‍්‍රකාශ කිරීමට කැමැත්තෙමු. නව අධිකරණ ඇමතිවරයා විසින් මරණ දඬුවම ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ප‍්‍රකාශ කිරීමට ප‍්‍රථමයෙන් අපරාධ මැඩලීම අසාර්ථක වීමට හේතුවූ කරුණු පිළිබඳ අධ්‍යයන කිරීම සුදුසුය.

ශ‍්‍රී ලංකාවේ අපරාධ පිළිබඳ සිදුකර ඇති  ඕනෑම ගැඹුරු අධ්‍යයනයක් විසින් එම අපරාධ සඳහා හේතුවූ කාරණා අතර වඩා වැදගත් හේතු ලෙස පහත හේතු හඳුනාගන්නවා ඇත. ඒ අතර සමහර කරුණු වන්නේ පොලීසියට වේගවත්ව, කාර්යක්‍ෂමතාවයෙන් යුතුව විමර්ශන සිදුකිරීමට නොහැකි කමත් අධිකරණ ඉදිරියට රුගෙන ආයුතු අපරාධකරුවන් හඳුනාගැනීමට නොහැකිකමත් යන්නත්ය. ඊළඟ කරුණ වන්නේ සාක්‍ෂිකරුවන් ඇති අතීත සමහර අවස්ථාවන්හී සැකකරුවන් අධිකරණය ඉදිරියට ගෙනවිත් ඇති අවස්ථාවන් හීදීත් අධිකරණය මන්දගාමී අකාර්යක්‍ෂම කාර්ය පටිපාටියක් අනුගමනය කිරීම පෙනෙන්නට තිබීම සහ එමගින් අපරාධකරුවන් මෙම ක‍්‍රියාවලියේ ඇති අඩුපාඩු හඳුනාගැනීම තුළින් එය වැරදි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමයි.

Drive.by_.shooting

අධිකරණ ක‍්‍රියාවලිය කෙරෙහි ඇති විශ්වාසය කඩාවැටීමේ ප‍්‍රතිපලය වී ඇත්තේ අපරාධ වැඩිවීමත්, එමෙන්ම බරපතල අපරාධ සම්බනධයෙන් මහජනතාව දක්වන උදාසීනත්වයත් හා එය අපරාධකරුවන්ට වාසිසහගත ලෙස ක‍්‍රියාත්මක වීමත්ය. විශේෂයෙන්ම පසුගිය මහින්ද රාජපක්‍ෂ රජය විසින් නිරන්තරයෙන් සිදුවූ අපරාධකරුවන් ආරක්‍ෂා කිරීම සඳහා සිදුකල දේශපාලන බලපෑම් සිදුකිරීම් මගින්  අපරාධකරුවන් ආරක්‍ෂා කලා මෙන්ම, විමර්ශන සිදුකල පොලිස් නිළධාරීන්ද අපරාධකරුවන් පසුපස බිය හෝ ප‍්‍රතිවිපාක නොතකා ලූහුබැඳීම සිදුකිරීම අධෛර්යයට පත්වීමද සිදුවිය.

අධිකරණ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවේ අපරාධ වලට එරෙහිව පැවති ආරක්‍ෂණ ක‍්‍රියාමාර්ගයන්ගේ කඩා වැටීමට හේතු වූ බොහෝ සංකීර්ණ කරුණු පිළිබඳ දැනුවත්ව සිටීම වැදගත්ය. ආසියානු මානව හිමිකම් කොමිසම පසුගිය වසර ගණනාවක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ අපරාධ මැඩලීමට සිදුකල යුතු බව දැක්වූ යෝජනා කිහිපයත් නැවත සිහි කැඳවීමට කැමැත්තෙමු.

හදිසි ක‍්‍රියාමාර්ග

·    ඉතා හදිසි ක‍්‍රියාමාර්ගයක් ලෙස, අධිකරණ අමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා යොමුකල යුත්තේ පොලිස් දෙපාර්ථමේන්තු රෙගුලාසි වලට අනුව, අපරාධ මර්ධන කිරීමට අදාලව සහකාර පොලිස් අධිකාරීවරුන් වෙත පැවරී ඇති සුපරීක්‍ෂණ ක‍්‍රියාවලිය නැවත ස්ථාපනය කිරීමට අදාලව ගත යුතු ඉක්මන් පියවර ගැනීමටත්, එමගින් තමන් යටතේ පවතින පොලිස් ස්ථානයන් සුපරීක්‍ෂණයටත්ය. මෙම දෙපාර්ථමේන්තු රෙගුලාසි මගින් සහකාර පොලිස් අධිකාරීවරුන් විසින් තමා යටතේ ඇති පොලිස් ස්ථානයන්හී ක‍්‍රියාවන් සුපරික්‍ෂණය සිදුකල යුතු ආකාරයට අදාලව ගත යුතු පියවරයන් පිළිබඳව ඉතා සවිස්ථරව දක්වා ඇත. පසුගිය දශකය පුරා සිදුවූ දේශපාලන බලපෑම් මගින් සිදුවූ එක් ප‍්‍රතිපලයක් වන්නේ සහකාර පොලිස් අධිකාරීවරුන් මගින් සිදුවිය යුතු පොලිස් ස්ථාන සුපරීක්‍ෂණය කිරීමේ ක‍්‍රියාවලිය අඩපණ වීමය.

සහකාර පොලිස් අධිකාරීවරුන් මට්ටමේ සිදුවූ දූෂණ ක‍්‍රියා සම්බන්ධ විශාල චෝදනා තිබුණි. දූෂිත පොලිස් ස්ථානාධිපතිවරුන් සහ වෙනත් පොලිස් නිලධාරීන් විසින් අල්ලස් හා වෙනත් නීතිවිරෝධී අනුග‍්‍රහයන් සහකාර පොලිස් අධිකාරීවරුන් වෙනුවෙන් සම්පාදනය කල අතර අවාසනාවන්ත ලෙස බොහෝ අවස්ථාවන් හීදී සහකාර පොලිස් අධිකාරීවරුන් මෙම උගුල් වලට හසුවීමෙන්, නිවැරදි හා අවංක නිලධාරීන්, සහකාර පොලිස් අධිකාරී තනතුරු වලට පත්කිරීමට තෝරාගැනීමේත්, පසුව ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයන් සුපරීක්‍ෂණය කිරීමේදීත්, ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, වෙනත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්, වෙනත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැනි ඉහළ පොලිස් නිලධාරීන් ඔවුන්ගේ අණදෙන්නාගේ වගකීමේ ක‍්‍රියාවලියේ දී අසාර්ථකත්වයට පත්විය. ආසියානු මානව හිමිකම් කොමිසම වසර ගණනාවක් තිස්සේ සිදුකල නිරීක්‍ෂණය අනුව, අක‍්‍රීය වූ පොලිස් ස්ථානයන්හී කි‍්‍රයාකාරීත්වය නැවත ස්ථාපනය කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් තම නියෝජ්‍ය නිලධාරීන් හා අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන් සමග එක්ව පොලිස් දෙපාර්ථමේන්තුව තුළ අණදෙන්නාගේ වගකීම ස්ථාපනය කිරීම සඳහා සැබෑ හා නිර්ව්‍යාජ වූ ක‍්‍රියාමාර්ගයන් ගත යුතු බවයි.

විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිරීක්‍ෂණ කිරීමේ ක‍්‍රියාවලියේ පලදායී පාලනයක් ඇති කිරීම මගින් පොලිස් ස්ථානයන් හී සුවිශේෂ වෙනසක් සිදුකිරීම කල හැකි අතර එමගින් අපරාධ මර්ධන කිරීම සඳහා ශ‍්‍රී ලංකා පොලිසියේ ක‍්‍රියාකාරීත්වය වැඩිකල හැකිය. ආසියානු මානව හිමිකම් කොමිසම ඉහත නිර්දේශය සිදුකරන අතරේම, ශ‍්‍රී ලංකාවේ, 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරීත්වය අක‍්‍රීය කිරීමට දේශපාලන අධිකාරීයේ බලපෑම් එක් කිරීමත්, එමගින් විශාල ලෙස දූෂිත කි‍්‍රයාකාරීත්වයක් පොලිස් දෙපාර්ථමේන්තු ක‍්‍රියාවලියට එක්වීමට ඉඩ හැරීමත්,  පිළිබද මනා අවබෝධයක්ද ඇතිව, වන අතර එම නිසා සහකාර පොලිස් අධිකාරීවරුන් සම්බන්ධයෙන් විනයනුකූල ක‍්‍රියාමාර්ග ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවන බවද දනිමින්ය. කෙසේ වෙතත් අධිකරණ ඇමතිවරයා අපරාධ මර්ධනය කිරීමට අදාලව ගත හැකි සියලූම ක‍්‍රියාමාර්ග ගන්නා බවට සිදුකල ප‍්‍රකාශය නිසා, ඔහු ඔහුට ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම මගින් පොලිස්පතිවරයා හා අනෙකුත් ඉහළ පොලිස් නිලධාරීන් මගින් අණදෙන නිලධාරියාගේ වගකීම වඩාත් පලදායී ආකාරයෙන්  ඇතිකිරීම මගින් පොලිස් ස්ථානවල ක‍්‍රියාකාරීත්වය පාලනයට ගැනීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිරීක්‍ෂණ ක‍්‍රියාවලිය ඇති කල යුතුය.

DSC07371-200x150

·     අනෙක් හදිසි ක‍්‍රියාමාර්ගයක් වන්නේ පොලිස් ස්ථාන භාර නිලධාරීන්ගේ හා අනෙක් පොලිස් ස්ථාන මට්ටමේ ඉහළ නිලධාරීන්ගේ හැකියාවන් ඉහළ දැමීම සඳහා ඉක්මන් පාඨමාලාවන් ආරම්භ කිරීම මගින් ඔවුන්ගේ පොලිස් විමර්ශනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වන හැකියාවන් දියුණු කිරීමය. එක් අවාසනාවන්ත කරුණක් වනුයේ අවශ්‍ය අපරාධ විමර්ශන විධික‍්‍රමයන් අවශ්‍ය ප‍්‍රශස්ථ මට්ටමට පහළින් තිබීත් මෙම හැකියාවේ පවත්නා දුර්වලතාවයන් අපරාධකරුවන් ධෛර්යමත් කිරීමට සහාය වන ලෙස තිබීමත්ය. අපරාධකරුවන් වඩාත් නවීන ක‍්‍රම තම අපරාධ සිදුකිරීම සඳහා භාවිතා කරන විට හා වඩාත් නවීන සන්නිවේදන ක‍්‍රියාමාර්ග හා පහසුකම් වඩාත් නවීන්තවයෙන් යුතු අපරාධ ක‍්‍රියාකාරීත්වයක් ඇති කරන විට එම අපරාධ විමර්ශනය කිරීමේ ක‍්‍රියාමාර්ගයන්ද අත්‍යාවශ්‍යයෙන්ම දශක කිහිපයකට පෙර පැවති ක‍්‍රම වලට වැඩා නවීන විය යුතුය. පොලිස් ස්ථාන මට්ටමේ සිටින නිලධාරීන්ගේ මට්ටම දේශපාලන මැදිහත්වීම් නිසා පරිහානියට පත්වූ අතර දියුණු නොවී ඇත. අධිකරණ ඇමතිවරයා ප‍්‍රාදේශීය මට්ටමේ පොලිස් ස්ථානයන් හී නිලධාරීන්ගේ හැකියාවන් දියුණු කිරිමට අදාලව ලබාදිය යුතු සහායන් හා ඒවා ලබාගත හැකි මාර්ගයන් පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.

·      තවත් හදිසි ක‍්‍රියාමර්ගයක් වන්නේ පොලිසිය වෙත අපරාධයක් පිළිබඳ පැමිණිල්ලක් වාර්තා වූ සැණින් ඒ සඳහා ක‍්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය වන දුරකථන පහසුකම් සැපයීම, වාහන සහ අනෙකුත් තාක්‍ෂණික පහසුකම් වහ වහා සැපයීමයි. සමහර ප‍්‍රසිද්ධ වූ වාර්තා මගින් දක්වන පරිදි, විමර්ශන සඳහා අවශ්‍ය තාක්‍ෂණික පහසුකම් නොමැතිකමත්, පොලිස් නිලධාරීන් විසින් අපරාධ විමර්ශයන් සඳහා පැමිණිලිකරුවන්ගෙන් ඔවුන් ඉල්ලා සිටින විමර්ශයන් සිදුකිරීමට නම් ඒ සඳහා ප‍්‍රවාහන පහසුකම් හෝ වාහන ඉල්ලා සිටීම හෝ වාහන සඳහා ඉන්ධන ඉල්ලා සිටීම වැනි අපකීර්තිමත් කි‍්‍රයාවන් කෙරෙහිද අවදානය යොමුකල යුතුය. එවැනි කණගාටුදායක තත්වයන් හීදී එවන් පොලිසියක් මගින් වඩාත් කාර්යක්‍ෂම හෝ පලදායී මැදිහත් වීමක් බලාපොරොත්තු වීම සිදුකල නොහැකිය.

Scientology Volunteers International tsunami relief police supervises staff of the Harbor Police in Trincomalee, Sri Lanka during an Assist seminar where the police learn to use the Assist technology developed by L. Ron Hubbard to assist tsunami suvivers

·   තවත් වැදගත් ක‍්‍රියාමාර්ගයක් නම් පොලිස් ස්ථාන වෙත ලැබෙන සියළු පැමිණිලි සටහන් කිරීමේ ක‍්‍රියාවලියන් පරිගණකගත කිරීමේ ක‍්‍රියාවලියයි. මෙයින් සාක්‍ෂිවලට අයුතු බලපෑම් කිරීම් වලක්වාගත හැකි අතර මෙය බොහෝ නඩු ක‍්‍රියාවලීන්ද අසාර්ථක වීමට හේතු වේ. බොහෝ පැමිණිලිකරුවන් නිතරම සඳහන් කරන්නේ තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීමේදී නොයෙකුත් බාධාවලට මුහුණ දීමට සිදුවන බව හෝ එම පැමිණිලි පොලිස් නිලධාරීන්  හිතුමතාම විකෘර්තිකරන බවටයි. එම නිසා පොලිස් ස්ථාන වල පැමිණිලි සටහන් කිරීමේ ක‍්‍රියාවලිය පරිගණකගත කිරීමෙන් මෙම වැරදි සියල්ලන් මගහැරවාගත හැක. එමගින් එසේ සටහන් කරගන්නා ලද පැමිණිලි ක්‍ෂණිකව තමන්ගේ උසස් නිලධාරීන්, සහකාර පොලිස් අධිකාරීවරුන් හා නියෝජ්‍ය පොලිස්පතිවරුන් වැනි උසස් නිලධාරීන් වෙත ලබාදීමට සැලැස්විය හැකිය. තවද එම නිලධාරීන්ගෙන් කෙරිය යුතු පරීක්‍ෂණ කටයුතු නිසිපරිදි කාලෝචිතව සිදුකල හැකිය. මෙවැනි පහසුකම් ලබාදීම මෙම නූතන යුගයේදී එතරම් දුෂ්කර කාර්යයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ වෙනත් රජයේ සහ පෞද්ගලික ආයතනය වල සියල්ලක්ම පාහේම පරිපාලන කටයුතු සඳහා පරිගණක සේවා භාවිතා කිරීම සාමාන්‍ය දෙයකි. පොලිස් ස්ථාවල පමණයි පැමිණිලි ලබාගැනීමේදී හා ඒවා සටහන් කරගැනීමේදී තවමත් මෙවැනි පැරණි ක‍්‍රමවේදයන් භාවිතා කරන්නේ.

·     සාක්‍ෂි ලබාගැනීමට වදහිංසාව භාවිතා කිරීම මුළුමනින්ම නැවැත්වීම අධිකරණ ඇමති ලෙස ස්ථිර මතයක හා අධිෂ්ඨානයක හා තීරණයක් ගත යුතුය. මෙම ක‍්‍රම භාවිතා කිරීමෙන් පොලිස් නිලධාරීන්ව, අප සමාජයේ දරුණුතම ප‍්‍රශ්නය වන අපරාධ මර්ධනය කිරීමට හැකියාවක් ඇති බුද්ධිමත් නිලධාරීන් බිහිකිරීම වෙනුවට ඔවුන් තිරිසනුන් බවට පත්කර ඇත. වදහිංසාව සහ මරණ දඬුවම අපරාධ මර්ධනය කිරීමට විසඳුමක් නොවේ. මෙම කරුණ අපරටේ පවතින අපරාධ සංඛ්‍යාවෙන්ද ඔප්පුවී ඇත. වදහිංසනය දැඩිලෙස ව්‍යාප්තව භාවිතා කලත් අපරාධ සංඛ්‍යාව වැඩිවීමක් මිස පහළ යෑමක් දක්නට නොලැබේ.

 අධිකරණ ක‍්‍රියාවලියේ සහාය අපරාධ විමර්ශන මර්ධන කටයුතු සඳහා යොදවා ගැනීමට නම් මෙම සංකීර්ණ ප‍්‍රශ්නයන්ට විසඳුම්  සෙවිය යුතුයි.

 -ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශනයකි- 

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.