මරණ බිය කොළඹට… ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ 1000 වැඩට බසී

Dengueකොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 න් 14 ක්ම ඩෙංගු රෝගය පැතිර යාමේ අධි අවධානම් කළාප ලෙස හඳුනා  ගැනීමත් සමග ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ 1000 සමන්විත විශේෂ කණ්ඩායමක් සම්බන්ධ කරගෙන ඩෙංගු මර්ධන කඩිනම් වැඩසටහනක් දියත් කිරීමට ආණ්ඩුව සූදානම් වේ.

මේ අතර විශේෂ ප්‍රකාශක් කරන  ඩෙංගු මදුරු මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා  පටු මතිමතාන්තරවලින් වියුක්තව ඩෙංගු උවදුරින් බේරීම ජාතික අවශ්‍යතාවයක් සේ සලකා සැවොම එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පැන නැගී ඇතැයි   කියා සිටී.

වෛද්‍ය හසිත තිසේරා මේ ප්‍රකාශයකරන්නේ පෙරේදා (24) කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කඩිනම් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම  ආරම්භ කළ අවස්ථාවේ අදහස් දක්වමිනි.

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15 හි ග්‍රාම නිලධාරි වසම් 557 ක ඒකක 2600 ක් තුළ එම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.සෑම සිකුරාදා දිනයකම රාජ්‍ය හා පුද්ගලික කාර්යාල පරිශ්‍ර පිරිසිදු කිරීම සහ සෙනසුරාදා දිනයන් හීදි නිවාස ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීම එයට ඇතුළත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව පවසයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.