මර්වින්ට අල්ලස් චෝදනා

 

downloadxse

 

 

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සිදු කළා යැයි පැවසෙන මුදල් වංචා කිහිපයක් පිළිබඳව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතා ඇතුළු පිරිසක් අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

‘පිබිදෙන කැලණිය සංවර්ධන පදනම’නමින් ගිණුමක් ආරම්භ කර අයථා මුදල් පරිහරණයක් සිදු කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන්.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ සිසිර ජයකොඩි මහතා “කැලණිය ආසනයේ සංවිධායකවරයා ලෙස එම සංවිධායක ධූරයේ රැඳී සිටිමින් බලහත්කාරී සහ අයතා ලෙස මුදල් එකතු කරමින් ඒවා තමුන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා උපයෝගී කරගැනීම සහ එම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්  පැමිණිල්ල ගොනු කළා ”යනුවෙන් සඳහන් කළේය.

මේ අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද පසුගියදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ, පැවැති රජයේ වංචා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කළේය.

Allegations of bribarey against Mervin De Silva.

සබැඳි පුවත්

[shareaholic app="recommendations" id="27363332"]

Leave a Reply

Your email address will not be published.